මිනිපේ වම් ඉවුරු ඇළ පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ ඇති කෙත් ඇළවල් සංවර්ධනය කිරීමේ පළමු අදියර මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය ඇමති නීතිඥ අනුරාධ ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
මෙම ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් මිලියන 20 ක පමණ මුදලක් ආධාර වශයෙන් ලබාදි තිබේ.
මේ යටතේ මිනිපේ ගොවි ව්‍යාපාරයේ පළමු පියවරේ ඇළවල් 3 ක් හා දෙවැනි පියවරේ ඇළවල් 2 ක් සඳහා මුල්ගල් තබා තිබේ.
මිනිපේ වම් ඉවුර ඇළේ සංවර්ධන කටයුතුවලට සමගාමිව ගොවි ජනපදයන්හි කෙත් ඇළවල්ද සංවර්ධනය කරන අතර ඒවායේ පිළිසකර කටයුතු ගොවි සංවිධාන මගින්ම සිදු කිරීම විශේෂත්වයකි
ශ්‍රි ලංකා රජයේ මුල්‍ය දායකත්වය මත ක්‍රියාත්මක කරනු ලබන මහවැලි ජල සුරක්ෂිතතා වැඩසටහන මගින් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙසත්, මෙම ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේදී එය දීර්ඝ කාලයන් පවතින ආකාරයට නඩත්තු කටයුතු සිදුකරන ලෙසත්, අනුරාධ ජයරත්න මහතා මෙහිදි ගොවි ජනතාවට දන්වා සිටියේය.
මෙම නඩත්තු කටයුතු සිදුකිරීම සඟින් මෙතෙක් අපතේ ගිය ජල ධාරිතාව සුරක්ෂිත කර ගැනීමට හැකිවන බවත් ඒ මඟින් තවත් එක් කන්නයක් වැඩිපුර වගා කිරීමට හෝ රටේ ආර්ථිකය නංවාලීම සඳහා අතිරේක භෝග වගා කිරීමට ගොවි ජනතාවට හැකි බවත් නියෝජ්‍ය ඇමතිවරයා කිය. වගා කටයුතුවලදි ජලය අපතේ නෑර නිසි කළමනාකාරිත්වයක් යටතේ ප්‍රයෝජනයට ගන්නා ලෙසද නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.
මිණිපේ වම් ඉවුරු ඇළ පුනරුත්ථාපන ව්‍යාපෘතියේ වැඩකටයුතු 2016 වසරේදි ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර එහි පළමු පියවර ගොවි ජනපදයේ ප්‍රතිසංස්කරණ කටයුතු දැනටමත් සැලකියයුතු ප්‍රගතියක් ලබා තිබෙන බව නියෝජ්‍ය ඇමතිවරයා කීය
කෙත් ඇළවල් සංවර්ධනය කිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට මිණිපේ වම් ඉවුරු ඇළ පුනරුත්ථාපන ව්‍යාපෘතියේ අධ්යන්ෂ වාරි ඉංජිනේරු සුසන්ත මැදිකවක, මිණිපේ නේවාසික ව්‍යාපෘතියේ කළමනාකාර වරයා හා ගොවි සංවිධානනියෝජියෝද මෙම අවස්ථාවට සහභාගි වූහ.
නව අදහස දක්වන්න