ග්ලිරීසීඩියා වගාව පුත්තලමට හදුන්වා දෙයි | දිනමිණ

ග්ලිරීසීඩියා වගාව පුත්තලමට හදුන්වා දෙයි

රටේ පවතින විදුලි අර්බුදයට තිරසාර විසදුමක් ලෙස මෑතකදී හදුනා ගනු ලැබූ තාප විදුලි බලය නිපදවීමට යොදා ගන්නා ග්ලිරීසීඩියා ශාකය බයෝමාස් සප්ලයර්ස් පුද්ගලික සමාගම විසින් පුත්තලම දිස්ත්‍රික්කයේ පොල් ඉඩම් වල හා අනෙකුත් මුඩු ඉඩම් වල ස්ථාපිත කිරීමත් සමග ඉන් ලැබෙන දඩු වර්ග නැවත මිළදී ගැනීමක්ද මෙතුලින් සිදුවන බව එම සමාගම කියති.
 
මෙරට ආරම්භ කර ඇති විදුලි නිෂ්පාදිත තාප බලාගාර සදහා පිට රටවලින් ගෙන්වන ලද ගල් අගුරු වෙනුවට විකල්පයක් ලෙස මෙම ග්ලිරීසීඩියා දැව වශයෙන් යොදා ගත හැකි බවත්, එකී ගල් අගුරු මෙරටට ආනයනය කිරීම සදහා විශාල ප්‍රාග්ධනයක් දැරීම සිදුවීම නිසවෙන් විශාල මූලම්‍ය ඉතිරියක් රට තුල ඉතිරි කර ගැනීම පමණක් නොව මෙම ග්ලිරීසීඩියා වගා කරුවන්ට ඒ තුලින් වක්‍රව මුදල් ඉපයීමේ ආදායම් උත්පාදන ක්‍රියාවලියක හිමිකරුවෙකු වීමට සුදුසුකම් හිමිවනවාත් සමග රටේ පවතින උග්‍ර විදුලි ගැටළුවට තිරසාර විසදුම් මෙතුලින් ලබා  දීමට හැකිවා බොහෝ දුරට ඇති බව කියති.
 
තාප විදුලි බලය නිපදවීමට යොදා ගත හැකි වීම පමණක් නොව    ග්ලිරීසීඩියා වගාව තුලින් වායු ගෝලීය නයිට්‍රජන් මට්ටම පසට ලබා ගැනීමත්, මුල් මගින් පස ලිහිල් කිරීම නිසා ජලය පසට උරා ගැනීම වැඩි දියුණු කිරීම, වගා කෙරෙන අනෙකුත් භෝග වලට හානි කරන කෘමි හානිය අවම කිරීම, සත්ත්ව ආහාරයක් ලෙස භාවිතා කිරීමට හැකිවීම, පොල් ඉඩම් පුනරුත්ථාපනය කිරීම වැනි වාසි රැසක් ගොවි ප්‍රජාවට මින් ලැබෙන බවයි එම සමාගම වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.
 
මෙම ග්ලිරීසීඩියා වගා කිරීම සම්බන්ධයෙන් මේ වන විට එකී ආයතනය මගීන් ගොවියන්ට විශේෂිත වූ පුහුණුවක් සමග නොමිලේ දැණුම ලබා දීමේ වැඩ සටහනක් පුත්තලම දිස්ත්‍රික්කය පුරාවට ව්‍යාප්ත කර ඇති අතර,ඉන් ප්‍රමුකස්ථානය හිමිවන්නේ පොල් වගාකරුවන්ට ඒ අනුව පුත්තලම, වනාතවිල්ලුව, කරුවලගස්වැව, මහකොන්වැව, තබ්බෝව, මයිලන්කුලම, කල්අඩිය, ඉස්මයිල්පුරම්, ආදී පොල් ගහනය වැඩි ප්‍රදේශ තෝරා ගෙන මෙම වැඩ මුළුව ආරම්භ කර ඇති බව කියති.
 
මෙසේ වගා කරන ග්ලිරීසීඩියා වසරක් වැනි කාලයක් තුල නැවත මෙම සමාගම මගින් එමගින් ලැබෙන දඩු මිලදී ගැනීමක් සිදු කරන බවයි. ඒ සදහා අදාල සමාගම සහ ගොවියා යන දෙදෙනා විසින් වසර 20ක වෙළද ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු වෙළද සබතතා පවත්වා ගැනීමට හැකි බවයි එකී සමාගම වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.
 
(වනාතවිල්ලුව කේ.ප්‍රියංකර)
 

නව අදහස දක්වන්න