අන්තරේ විරෝධතාවේ දී අත්අඩංගුවට ගත් 08ක් රිමාන්ඩ් | දිනමිණ

අන්තරේ විරෝධතාවේ දී අත්අඩංගුවට ගත් 08ක් රිමාන්ඩ්

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ(17) සිදුකළ විරෝධතා පා ගමනේදී අත්අඩංගුවට පත් හිමි නමක් ඇතුළු අට දෙනෙක් හෙට (19) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

මහජනයාට පීඩා වන අයුරින් විරෝධතා පැවැත්වීම මොවුනට විරුද්ධව එල්ලවී ඇති චෝදනාව වේ.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ සිදුකළ විරෝධතා පා ගමනේදී නීතිවිරෝධී ලෙස අධිකරණ නියෝග කඩකරමින් කටයුතු කළ ශිෂ්‍ය හිමිනමක් ඇතුලු අටදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

මේ විරෝධතා පා ගමන අතරතුර ඇතිවූ ගැටුමින් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් පස්දෙනෙකුද නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

නව අදහස දක්වන්න