ආසියානු ජූඩෝ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 2ක් | දිනමිණ

ආසියානු ජූඩෝ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 2ක්

චාමර ධර්මවර්ධන හා රාජිත පුෂ්පකුමාර පුහුණුකරු අමල් රත්නායක මහතා සමගින්. ඡායාරූපය - ගම්පොළ සමූහ

ගම්පොළ සමූහ

හොංකොංහිදී මේ මස 24වැනිදා සිට 27වැනිදා දක්වා පැවැත්වෙන ආසියානු ජූඩෝ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් දෙදෙනකු එක්වීමට නියමිතය.

එහිදී කිලෝග්‍රෑම් 73 බර පන්තියෙන් චාමර නුවන් ධර්මවර්ධනද, කිලෝග්‍රෑම් 81 බර පන්තියෙන් රාජිත පුෂ්පකුමාරද මේ තරගාවලියට එක්වෙති.

චාමර නුවන් පසුගිය ඔලිම්පික් තරගාවලිය ඇතුළු ජාත්‍යන්තර තරග රැසකට සහභාගිවී අත්දැකීම් රැසක් ලබාඇති ක්‍රීඩකයෙකි. ඔහුගේ බලාපොරොත්තුව වී ඇත්තේ වසර 2020දී ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීමයි.

රාජිත පුෂ්පකුමාරද චාමර සමගින් වසර දෙකක් පුරා පුහුණුව ලබමින් විදෙස් පුහුණුවීම් වලටද එක්ව තිබේ.

මේ දෙදෙනාගේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ප්‍රවීණ පුහුණුකරු හා ජාත්‍යන්තර විනිසුරු අමල් රත්නායක මහතාය.

චාමර හා රාජිත ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් මේ තරගාවලියට එක්වන අතර පුහුණුකරු අමල් රත්නායක මහතා සමගින් එම කණ්ඩායමේ කළමනාකරු ලෙස මංජුල වීරසිංහ මහතා මේ සංචාරයට එක්වෙයි. 

 

නව අදහස දක්වන්න