ගෝල්ඩන් කී කොතලාවලට එරෙහි නඩුව මේ 22 විභාගයට | දිනමිණ

ගෝල්ඩන් කී කොතලාවලට එරෙහි නඩුව මේ 22 විභාගයට

කුමුදු හෙට්ටිආරච්චි

සී / ස ගෝල්ඩන් කී ක්‍රෙඩිට් සමාගම පිහිටුවා එහි මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන්ගේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම ඇතුළු අධි චෝදනා 91ක් යටතේ සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධිපති ලලිත් කොතලාවල මහතා ඇතුළු විත්තිකරුවන් 09 දෙනෙකුට එරෙහි නඩුව මෙම මස 22 වැනිදාට කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගැනේ.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා හමුවේ ඊයේ (17) කැඳවූ අවස්ථාවේ ලලිත් කොතලාවල මහතා ඇතුළු විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ. 1999 මාර්තු 23 සහ 2008 දෙසැම්බර් මස 24 අතර කාලයේදී මූල්‍ය සමාගම් පනතේ කොන්දේසි වලට පටහැනිව මූල්‍ය ව්‍යාපාරයක් පවත්වන් යාම සඳහා හා එකී වරද සිදු කිරීමෙන් හෝ අනුබලදීම කුමන්ත්‍රණය කිරීම එකී කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස ගෝල්ඩන් කී ක්‍රෙඩිට් සමාගම විසින් මූල්‍ය ව්‍යාපාරයක් පවත්වන්යාම ඇතුළු අධිචෝදනා මත නීතිපතිවරයා විත්තිකරුවනට එරෙහිව මෙම නඩුවෙන් අධිචෝදනා ‍නගා ඇත. 

නව අදහස දක්වන්න