‘ගැට­බ­රුවේ නැවුම් තේ මංගල්‍යක්’ | දිනමිණ

‘ගැට­බ­රුවේ නැවුම් තේ මංගල්‍යක්’

ප්‍රියාල් ද සිල්වා

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට වසර එකසිය පනහක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලයත් දකුණු පළාත් තේ වගාකරුවන්ගේ සංගමයත් එක්ව පළමු වරට පැවැත් වූ නැවුම් තේ මංගල්‍ය වාර්ෂික උත්සවයක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යන බව වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා පැවසීය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට පවත්වන නැවුම් තේ මංගල්‍යයේ ජාතික උත්සවය වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන් සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතාගේ සහභාගීත්වයෙන් පසුගිය දා (11) කොටපොළ ගැටබරුව රජ මහා විහාරයේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

දකුණු පළාතේ තේ නිෂ්පාදකයන් විශාල පිරිසක් අලංකාර පෙරහරකින් විහාරස්ථානයට පැමිණ සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට පසුව තම තේ කම්හල්වල නිපද වූ පළමු තේ කොළවලින් කොටසක් දෙවියන් හට පූජා කළහ.

‘ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට අවුරුදු එකසිය පනහක් පිරෙන මේ වසරේ අමු තේ දලු කිලෝවකට රුපියල් සියයකට වඩා වාර්තාගත මිලක් අද ලැබෙනවා. මේ රජය බලයට පත්වන විට අමු තේ දලු කිලෝවක මිල රුපියල් පනහටත් වඩා අඩු වෙනුයි තිබුණේ. රටේ තේ කර්මාන්තය විශාල අර්බුදයකට පත්ව තිබුණ අවධියක, මේ රජයේ ඉල්ලීම මත රුසියාවත් චීනයත් අපේ තේ වැඩි වැඩියෙන් මිලට ගත් නිසයි අපේ තේවලට ඉහළ මිලක් ලැබුණේ. ඉදිරියේ දී අමු තේ දලු කිලෝවක් රුපියල් එකසිය පනහක් දක්වා වැඩි වන බව මට විශ්වාසයි. තේ මිල පහළ වැටෙන විට පාරට බැහැල උද්ඝෝෂණය කරන අය තේ මිල ඉහළ යන විට වචනයක් වත් කියන්නෙ නැහැ’ වැවිලි කර්මාන්ත අමැති නවීන් දිසානායක මාධ්‍යයට අදහස් දක්වමින් පැවැසීය.

 

 

  

 


නව අදහස දක්වන්න

Or log in with...