පරිසරය සුරැකීමට විධිමත් වැඩසටහනක් | දිනමිණ

පරිසරය සුරැකීමට විධිමත් වැඩසටහනක්

 විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා නිර්මාණය වන කාබන්ඩයොක්සයිඩ් ඇතුළු විනාශකාරී හරිතාගාර වායු

විමෝචනය නිසා වර්තමානයේ දේශගුණ විපර්යාස රැසක් ඇති වෙමින් පවතී. කලක සිට ඇතිව දිනෙන් දින ශීඝ්‍රයෙන් වර්ධනය වන මේ තත්ත්වය හමුවේ ඉහළ යන ගෝලීය උණුසුම නිසා ආර්ටික් සාගරයේ ඇති අයිස් ග්ලැසියර දියව යාමේ අවධානමක් ඇතැයි නාසා විද්‍යාඥයෝ අනතුරු හඟවති. මෙය මහත් විපතක පෙරනිමිත්තක් වන අතර, මේ පිළිබඳ ලෝ වැසියන්ගේ අවධානය යොමුවෙමින් පැවතීම සිදුවන්නට යන විනාශයකින් මුළුමහත් ජීව ලෝකයම ආරක්ෂා කිරීමට මඟ හෙළි පෙහෙළිවීමකි.

ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාවට නංවා ඇති හරිතාගාර වායු සම්බන්ධ අවදානම පෙන්වා දෙන අතර, අහිතකර වායු විමෝචනය අවම වන සංවර්ධනයක් වෙත යොමුවීමේ වැදගත්කම අවධාරණය කළ, නීල-හරිත යුගයක් වෙත දේශය රැගෙන යන සුවිශේෂී ‘Sri Lanka Next’ වැඩසටහන යුගයේ අවශ්‍යතාවක් ඉටු කිරීමකි. ශ්‍රී ලංකා රජයේ එම වනාන්තර සුරකින අනාගතවාදී වෑයම, සංවර්ධනය වෙමින් පවත්නා රටවල වනාන්තර විනාශයෙන් හා වන හායනයෙන් සිදු කෙරෙන්නා වූ විමෝචනයන් අවම කිරීම අරමුණු කරගත් එක්සත් ජාතීන්ගේ ඒකාබද්ධ වැඩසටහන වන REDD + වැඩසටහනෙන් වසර 4කට ආසන්න කාලයක් තිස්සේ මෙරට වන වියන ශක්තිමත් කෙරේ.

සංවර්ධනය වෙමින් පවත්නා රටවල වනාන්තර විනාශයෙන් හා වන හායනයෙන් සිදු කෙරෙන්නා වූ

විමෝචනයන් අවම කිරීම අරමුණු කරගත් එක්සත් ජාතීන්ගේ ඒකාබද්ධ වැඩසටහන වන REDD +

වැඩසටහනේ සහයෝගය ඇතිව සංවර්ධනය වෙමින් පවතින රටවල් 64ක දේශගුණික විපර්යාසයන්ගේ

අහිතකර බලපෑම්වලට එරෙහි වනාන්තර කේන්ද්‍රීය ජාතික ප්‍රතිපත්ති රාමු ක්‍රියාත්මක කෙරේ. එක්සත්

ජාතීන්ගේ සංවිධානයේ මේ ජාත්‍යන්තර පරිසර හිතකාමී වැඩසටහන, එක්සත් ජාතීන්ගේ ආහාර හා

කෘෂිකර්ම සංවිධානය (FAO) එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ එක්සත් ජාතීන්ගේ

පාරිසරික වැඩසටහන (UNEP) යන වැඩසටහන් වෙතින් තාක්ෂණික හා බුද්ධිමය දායකත්වය ලබා 2008

වසරේ සිට ක්‍රියාත්මක වන්නකි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ දේශගුණ විපර්යාස ලේකම්

කාර්යාලය රාජ්‍ය ආයතන සියල්ල එකමුතුව දෙස් විදෙස් වනාන්තර සුරැකීම පිළිබඳ පිළිගත් සම්මුතීන් අනුව සකසනු ලැබූ ‘ජාතික REDD + ආයෝජන සැලසුම හා ක්‍රියාකාරී සැලැස්ම’ (NRIFAP) මෙරට වනාන්තර කේන්ද්‍රීය ජාතික ප්‍රතිපත්ති රාමුව ලෙස ක්‍රියාත්මක කරමින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකි පරිසර හිතකාමී වැඩසටහනකි.

‘ජාතික REDD + ආයෝජන සැලසුම හා ක්‍රියාකාරී සැලැස්ම’ (NRIFAP) හි පළමු පිටපත, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක උනා මැකැඋලි මෙනෙවිය විසින්, 2017 මැයි මස 09 වැනි දින කොළඹ BMICH හීදී පැවැති උත්සවයක දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිරිනැමුවාය. අමෙරිකන් ඩොලර් මිලියන 99ක ජාත්‍යන්තර මූල්‍ය ප්‍රතිපාදන සමග 5 අවුරුදු සැලැස්මක් ලෙස ශ්‍රී ලංකා රජය මගින් ක්‍රියාත්මක කෙරෙන මේ NRIFAP වැඩසටහන සුවිශේෂී වනාන්තර කේන්ද්‍රීය ක්‍රියාකාරී සැලසුම් 13කින් සන්නද්ධය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උත්සවය අමතමින් පවසා සිටියේ මේ වැඩසටහන පරිසරය සුරක්ෂිත කිරීම උදෙසා තබන තවත් එක් යෝධ පියවරක් බවයි. තව දුරටත් අදහස් දැක් වූ ඔහු ලොව පුරා වන විනාශය වළක්වාලීමට සමත්ව සිටින REDD + වැඩසටහනේ ප්‍රතිලාභ සමස්ත ශ්‍රී ලාංකික ජනතා සුබසිද්ධිය උදෙසා අත්පත් කර දෙන්නට මෙයට ජාතික මට්ටමේ ප්‍රමුඛතාවක් ලබා දී ක්‍රියාත්මක කරවීමට පරිසර ඇමැතිවරයා ලෙස මම කටයුතු කරනවා.

උත්සව අවස්ථාව වෙත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සුබ පැතුම් පණිවුඩයක් නිකුත්කොට තිබිණ. REDD + ශ්‍රී ලංකා වැඩසටහන ශ්‍රී ලංකාවේ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වටපිටාව රජය විසින් සකස් කොට තිබෙන බව සිය සුබ පැතුම් පණිවුඩයෙන් ප්‍රකාශයට පත් කළ අග්‍රාමාත්‍යවරයා ජෛව විවිධත්ත්ව සමබරතාවය සුරක්ෂිත කරන වැඩසටහන් ඇතුළු තිරසර සංවර්ධන වැඩසටහන් ශක්තිමත් කරන්නට නව විදේශ ආයෝජකයන් හට ශ්‍රී ලංකාවේ නව ආයෝජන සිදුකරන්නට තමා ආරාධනා කරන බවත් එහි සඳහන් කොට තිබිණ.

වනාන්තර සුරැකීම පිළිබඳ පිළිගත් සම්මුතීන් අනුව සැකසුණු REDD + වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා මෙරට සිවිල් සංවිධාන, විවිධ ක්ෂේත්‍රයන්ගේ විද්වතුන්, ආදිවාසී ජනතාව සහ පුද්ගලික අංශය රජය හා අත්වැල් බැඳගෙන සිටියි. 

නව අදහස දක්වන්න