පලෙයිහිදී පොලිස් ජංගම රථයකට වෙඩි | දිනමිණ

පලෙයිහිදී පොලිස් ජංගම රථයකට වෙඩි

කිලිනොච්චිය, පලෙයි, අරසකේනි, කච්චාරු ප්‍රදේශයේදී අද අලුයම පොලිස් නිලධාරීන් රැගත් පොලිස් ජංගම මෝටර් රථයකට කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇතැයි පලෙයි පොලීසිය පවසයි.

රාජකාරී කටයුත්තක් සඳහා පොලිස් මෝටර් රථය ධාවනය වන අවස්ථාවේ කච්චාරු ප්‍රදේශයේ කැලෑබද ස්ථානයකදී ඊට වෙඩි ප්‍රහාර 03 ක් එල්ලවී ඇතැයි සඳහන්. 

වෙඩි තැබීම කවුරුන් විසින් සිදු කළේද යන්න මෙතෙක් අනාවරණයවී නැහැ. 

ටී 56 අවියකින් වෙඩි ප‍්‍රහාරය එල්ලකර ඇති බවටයි අනාවරණවී ඇත්තේ.  

යුදහමුදා භට පිරිසක් එම ප්‍රදේශයේ දැඩි සෝදිසි මෙහෙයුමක් දියත් කරමින් සිටියි.

 

 

නව අදහස දක්වන්න