ශ්‍රී ලංකාව රගර් ශ්‍රේණිගත කිරිම්වලින් ඉහළට | දිනමිණ

ශ්‍රී ලංකාව රගර් ශ්‍රේණිගත කිරිම්වලින් ඉහළට

ෆවුස් මොහොමඩ්

ආසියානු 15 සාමාජික රගර් ශූරතාවලියට ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිට තරග 2ක් ජයගැනීමත් සමග ජාත්‍යන්තර 15 සාමාජික රගර් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට යාමට සමත්වි ඇත.

මේ තරගාවලියට පෙර ශ්‍රේණිගත කිරීම්වල 41 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණ ද්විත්වයත් සමග 39 වැනි ස්ථානය අත්කරගැනිමට සමත්විය.

නවසීලන්තය වත්මන් ශ්‍රේණිගත කිරිම්වල පෙරමුණේ පසුවන අතර දෙවැනි ස්ථානයේ පසුවන්නේ එංගලන්තයයි. ඔස්ට්‍රේලියාවට තුන්වැනි ස්ථානය හිමිවී තිබේ.

මැලේසියාවේ ඉපෝ පඩැංග් හී පැවැත්වෙන ආසියානු 15 සාමාජික රගර් ශූරතාවලියේ පළමු කොටසේ තරගාවලියේ පළමු තරගයෙන් පිලිපීනයට එරෙහිව ලකුණු 24-13කින් ජයගත් ශ්‍රී ලංකාව පෙරේදා පැවැති දෙවැනි තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පරාජය කළේ ලකුණු 33-17ක් ලෙසිනි.

තරගාවලියේ මේ වනවිට අපරාජිතව පෙරමුණේ පසුවන ශ්‍රී ලංකා පිල හෙට (20) මැලේසියාව සමග තරගාවලියේ අවසන් තරගයට එක්වීමට නියමිතය. 

නව අදහස දක්වන්න