වෑන්රියක් ප්‍රපාතයක - 02කට දිවි අහිමියි | දිනමිණ

වෑන්රියක් ප්‍රපාතයක - 02කට දිවි අහිමියි

අද උඈසන 08.00ට පමණ වෑන් රථයක් අඩි 100  ක් පමණ ප්‍රපාතයට පෙරලී එහි ගමන් ගත් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලිසිය පැවසුවේ ඉන් එක් අයෙකු බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බවයි.

අදාල අනතුර බදුල්ල, මහියංගනය මාර්ගයේ තල්දෙන 07 සහ 08 කි.මී. කනු අතර ප්‍රදේශයේදී සිදුව ඇත.

රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුරට සිදුව ඇති බවට සැක කරන බව බදුල්ල පොලීසිය පවසයි.

මරණයට පත්වූවන්ගෙන් එක් අයෙක් සූරියවැව ,පදලංගල පදිංචිකරුවෙක් වූ ඒ. කේ .සුනිල් නමැත්තා බවට හදුනාගත් පොලිසිය පවසයි .

සිදුවීම සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

නව අදහස දක්වන්න