කොල්ලකරුවන් පස්දෙනෙකු කොටුවෙයි | දිනමිණ

කොල්ලකරුවන් පස්දෙනෙකු කොටුවෙයි

දිවයිනේ ප්‍රදේශ ගණනාවක මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙක් සමග නවීන මෝටර් රථයක් ඇතුලු භාණ්ඩ තොගයක් හබරණ පොලීසිය මගින් අද (19) උදෑසන අතුඅඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

මෙහිදී පොලිස් නිළධාරියෙකුට තුවාල සිදුවි පොළොන්නරුව රෝහලට ඇතුලත්කර ඇත.

අද අලුයම හබරණ පොලීසියට කඩුගන්නාව පොලී‍සියෙන් ලැබුණු තොරතුරුක් අනුව සැකකාර මෝටර් රථය හබරණ වටරවුම අසලදී හබරණ රථවාහන පොලීසියේ පො.කො.(73279) බණ්ඩාර සහ පො.කො.(73451) උඩුවැල්ල යන නිළධාරීන් විසින් පරීක්ෂාකර ඇති අතර එහිදී මොටර් රථය නවත්වා නැවත ධාවනකර ඇත.

එහිදී පො.කො. උඩුවැල්ල මහතා මෝටර් රථයේ එල්ලී නැවැත්වීමට උත්සාහකර ඇති අතර එහිදී මෝටර් රථය අසල තාප්පයක හා කන්ටේනර් රථයක ගැටී ඇත.

මෝටර් රථයේ පැමිණි සැකකරුවන් ඵලාගොස් ඇති අතර පොලිස් වැටලීම් වලදී හබරණ- සෙවණ ගම, ත්‍රීකුණාමලය පාර සහ හතරැස්කොටුව ප්‍රදේශවලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් විසින් නිට්ටඹුව, කඩුගන්නාව, පොළොන්නරුව, ගොකරැල්ල ආදී ප්‍රදේශවල වෙළඳසැල් කිහිපයක් මංකොල්ලකැ ඇත‍ි අතර සැකකරුවන් කාත්තන්කුඩි, වැලිකන්ද, කිරුළපන, මාළිගාවත්ත ප්‍රදේශවල පදිංචි මුස්ලිම් ජාතිකයන් බව පෙලීසිය සඳහන් කරයි.

මොටර්රථය මාළිගාවත්ත ප්‍රදේශයෙන් කුලීපදනම මත ලබාගත් රථයක් වන අතර කාර් කැසට් තොගයක්, රෙදිපිළි, ජංගම දුරකතන උපාංග, බුදු පිළිම ආදිය සහ යකඩ කටුවක් සහ මිටියක් ද අත්අඩංගුවටගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි විජේසේන මහතාගේ උපදෙස් හා ස.පො.අ. ගම්ලත් මහතාගේ මෙහෙයවීමෙන් හබරණ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පි.ඒ.යු.ඩබ්.පිටිගල මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් වැඩි දුර පරික්ෂණ සිදු කරයි.

අදහස් 1ක් ඇත

පළවෙනි වතාවටයි දැක්කෙ හොරුන්ගෙ ජාතකෙත් එක්ක දාල තියෙකව. මේක ඇත්තටම හොද වැඩක්. ජරා වැඩ කරන එවුන්ගෙ ජාතකේ විතරක් නෙමෙයි පොටෝ එකකුත් දැම්මනම් තවත් හොදයි. ජයවේ දිනමින

නව අදහස දක්වන්න