වැට් බද්ද හෝ %10 ක් දක්වා අඩු කරනවා | දිනමිණ

වැට් බද්ද හෝ %10 ක් දක්වා අඩු කරනවා

සමන්මලී ප්‍රියශාන්ති

අපේක්ෂිත ඉලක්කයට අනුව බදු ආදායම ලබා ගැනීමට හැකියාවක් ලැබුණු වහාම සියයට 15 ක් වු වැට් බද්ද සියයට 09 ක් හෝ 10 ක් දක්වා අඩු කිරීමට රජය සුදානම් බව මුදල් ඇමැති රවී කරණානායක පවසයි.

ඔහු සදහන් කලේ ජනතාවට ලබා දිය හැකි ඉහළම ප්‍රතිලාභය එය බවත් ඒ සඳහා අවශ්‍ය කරන වටපිටාව සකසා දීම දේශීය ආදායම් දෙපාරේතමේන්තුවට පැවරෙන බවත්ය.

හෙතෙම මෙම අදහස් පළ කළේ කොළඹ පදනම් ආයතනයේ පැවති දේශීය ආදායම් බදු සේවක සංගමයේ 22 වැනි සංවත්සර උත්සවයට අද සහභාගී වෙමිනි. 

ජාත්‍යන්තර අරමුදල රටකට උදව් කරනවා මිස ඒ රටවල් ප්‍රාණ ඇපයට තබා නොගන්නා බව පැවසු ඇමැතිවරයා ජාත්‍යන්තර අරමුදලට අවශ්‍ය ආකාරයට මෙරට බදු මුදල් තීරණය නොකරන බවත් කීවේය.

 

නව අදහස දක්වන්න