ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධියට නීතිය දැඩි වෙයි | දිනමිණ

ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධියට නීතිය දැඩි වෙයි

වැල්ලවත්ත ගොඩනැගිල්ල කඩා වැටී සිද්ධිය සම්බන්ධයෙන් නීතිය කි‍්‍රයාත්මක කිරීමට වහාම අවධානය යොමු කරන බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ අද  මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා -

‘‘2009 වසරේදී මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා සැලසුම් අනුමැතියක් ලබාගෙන ඇති මුත් ඒ සඳහා අනුකූලතා සහතිකයක් ලබා නොමැත.

සැලසුම අනුව ගොඩනැගුනා ද, පදිංචියට සුදුසුද යන්න සහතිකය නගර සභාවෙන් රැගෙන නැති බව හෙළිදරව් වී තිබෙන අතර එම සහතිකය නොමැතිව ජනතාව පදිංචි කර තිබෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

ඒ වගේම මෙම ගොඩනැගිලත් වැල්ලවත්ත ඇළත් අතර තිබිය යුතු ආරක්ෂිත ප‍්‍රදේශය අඩි 21 ක් තිිබිය යුතුය.

ඔහු එම ප‍්‍රදේශයත් අල්ලා සම්පූර්ණ නීති විරෝධි ඉදිකිරීම සිදුකර තිබෙනවා. කිසිම සැලසුම් අනුමැතියක් නොමැතිව උත්සව ශාලාවක් ඉදිකළා.

එක් ගොඩනැගිල්ලක් තට්ටු 08 ක් වෙනවා.

අනිත් ගොඩනැගිල්ල තට්ටු 07 යි.

මෙම තට්ටු 07 ගොඩනැගිල්ල තමයි කඩා වැටීමට මුල් වෙලා තියෙන්නේ. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව කළ සරල පරීක්‍ෂණයෙන් හෙළි වී තිබෙනවා.

මෙම ගොඩනැගිල්ලේ ව්‍යූහාත්මක වශයෙන් නියමිත පරිදි ගොඩනගා නොමැති හේතුවෙන් ව්‍යූහාත්මක බිඳවැටීමක් නිසා සිදු වූ බවට හෙළිවී තිබෙනවා.

මෙම සිදුවීමත් සමග මෙම ප‍්‍රදේශයේ ඇති අනෙකුත් ගොඩනැගිලි පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරනවා.

නව අදහස දක්වන්න