ආරක්ෂක විශ්වවිද්‍යාලයේ රෝහල විවෘත කිරීම හෙට ජනපති අතින් | දිනමිණ

ආරක්ෂක විශ්වවිද්‍යාලයේ රෝහල විවෘත කිරීම හෙට ජනපති අතින්

විජයානි එදිරිසිංහ

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ රෝහල විවෘත කිරීම හෙට( 21) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ‍උත්සවාකාරයෙන් සිදු කෙරේ.

වේරහැර ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම රෝහල් පරිශ්‍රය ඉදිකරන ලද්දේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ඉලක්ක කැර ගනිමින්ය.

හෙට පස්වරු 2.30ට ආරම්භ වන විශේෂ උත්සව අවස්ථාවට රජයේ මැති ඇමැතිවරු අමාත්‍යාංශ ලේකම්වරු, ආරක්ෂක ප්‍රධානීන් ත්‍රිවිධ හමුදා නිලධාරීන් යුද්ධ හමුදා රෝහලේ වෛද්‍යවරු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආචාරය මණ්ඩලය සිසු සිසුවියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විමට නියමිතය. 

නව අදහස දක්වන්න