රෝහල් ගත වූ 21න් 4ක් පිටව ගිහින් | දිනමිණ

රෝහල් ගත වූ 21න් 4ක් පිටව ගිහින්

සන්ධ්‍යා කරුණාරත්න

වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් ගොඩනැඟිල්ලක් කඩා වැටීම හේතුවෙන් තුවාල ලබා රෝහල්වලට ඇතුළත් කළ පුද්ගලයන් 21 දෙනාගෙන් 4 දෙනකු මේ වන විට ප්‍රතිකාර ලබා කොළඹ ජාතික රෝහලෙන් සහ කළුබෝවිල රෝහලෙන් පිටව ගොස් ඇත.

මේ හදිසි අනතුර හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයන් 9 ක් කොළඹ ජාතික රෝහලට ද, පුද්ලගයන් 12 ක් කළුබෝවිල ශික්ෂණ රෝහලට ද පෙරේදා (18) ඇතුළත් කෙරිණි.

කළුබෝවිල රෝහලට ඇතුළත් කළ පුද්ගලයන් 12 දෙනාගෙන් දෙදෙනකු ප්‍රතිකාර ලබා පිටව ගිය බවත් නේවාසිකව ප්‍රතිකාර ලබන 10 දෙනාගෙන් 5 දෙනකුට පමණ තව සතියක් දෙකක් නේවාසිකව ප්‍රතිකාර ලැබීමට සිදු වන බවත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

අස්ථික බිඳුණු පුද්ගලයන් සැත්කම් සිදු කළ බවත් තවදුරටත් ඔවුන්ගේ රෝගී තත්ත්වය පරීක්ෂා කර ප්‍රතිකාර ලබාදෙන බවත් ඒ මහතා පැවැසුවේය.

වැල්ලවත්ත හදිසි අනතුර හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ තුවාල ලැබූ පුද්ගලයන් 9 දෙනාගෙන් දෙදනකු මේ වන විට ප්‍රතිකාර ලබා පිටව ගිය බවත් තවත් දෙදනකුගේ අස්ථි බිඳීම් සිදුව ඇති හෙයින් ඔවුන්ට සැත්කම් කිරීම සඳහා නේවාසිකව ප්‍රතිකාර ලබාදෙන බවත් රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය පැවැසුවාය.

තුවාල ලැබූ පුද්ගලයන්ට ප්‍රතිකාර ලබාදීම සිදු කරන්නේ යැයි ද ඔවුන්ට ද ඉක්මණින් රෝහලෙන් පිටව යා හැකි යැයි ද ඇය ප්‍රකාශ කළාය. 


නව අදහස දක්වන්න

Or log in with...