ඉරාන ජනාධිපතිවරණයෙන් බලයේ සිටි හසන් රුහානිටම ජය | දිනමිණ

ඉරාන ජනාධිපතිවරණයෙන් බලයේ සිටි හසන් රුහානිටම ජය

බී. බී. සී

ඉරාන ජනාධිපතිවරණයේ දී 57% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් බලයේ සිටි හසන් රුහානි ජයග්‍රහණය හිමි කර ගෙන තිබේ. මේ ප්‍රතිඵලය අනුව ජනාධිපතිවරණයේ දෙවැනි වටයක් පැවැත්වීමට අවශ්‍ය නොවන බව වාර්තා වේ. ඉරාන මැතිවරණ ක්‍රමය අනුව ජනාධිපතිවරණයක දී ඉදිරියෙන් සිටින අපේක්ෂකයන් දෙදෙනාගෙන් අයකු 50% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට අසමත් වුවහොත් දෙවැනි වටයක් ද පැවැත්වීමට සිදු වේ.

මේ අතර පාරාජයට පත් ඊබ්‍රාහිම් රෙයිසි විසින් ජනාධිපතිවරණයේ දී වංචා සිදු වූ බවට දැනටමත් පැමිණිලි කර ති‍බේ. ඔහු ආගමික නායක අයතොල්ලා කොමෙයිනිගේ කිට්ටු හිතවතකු වන අතර ජනාධිපති රුහානි ගේ පාලනය තුළ ඉරානයට එල්ල වූ ජාත්‍යන්තර ඇඟිලි ගැසීම් වැඩි වූ බවට සහ ආර්ථිකය දුර්කළමනාකරණයට යටත් වූ බවට චෝදනා කළේය. නැවතත් තමා ජනාධිපතිවරයා ලෙස පත් කර ගතහොත් මෙවර ඉරානයේ ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 70%ක් ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

තමා නැවත වතාවක් ජනාධිපතිවරයා ලෙස පත් කළහොත් ජාත්‍යන්තර සම්බන්ධතා ශක්තිමත් කරන බව ජනාධිපති හසන් රුහානි ජනාධිපතිවරණ ප්‍රචාරණ කට වලදී ප්‍රතිඥා දී තිබුණි. 

නව අදහස දක්වන්න