කුලියට ගත් සැප රියක් ව්‍යාපාරිකයකුට විකුණලා | දිනමිණ

කුලියට ගත් සැප රියක් ව්‍යාපාරිකයකුට විකුණලා

ඩබ්ලිව්. පී. ධර්මසේන

කොළඹ ප්‍රදේශයේ වාහන කුලියට දෙන ස්ථානයකින් ලබාගත් රුපියල් ලක්ෂ 94ක් වටිනා ඇක්වා මොටර් රියක් කඹුරුගමුව ව්‍යාපාරිකයකුට ව්‍යාජ ලේඛන යටතේ විකුණු සැකකරුවන් දෙදෙනෙක් මාතර මහේස්ත්‍රාත් අධිකරණයවෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. සැකරුවන් දෙදෙනා මාතර සහ වලස්මුල්ල පදිංචිකරුවෝ වෙති. සැකකරුවන් දෙදෙනා වෙනත් වාහනයක් වංචා සහගතව විකිණිමේ චෝදනාවකට කලුතර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අතර මාතර විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලිම අනුව අධිකරණයේ නියෝග මත කලුතර බන්ධනාගාර නිලධාරින් විසින් සැකකරුවන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කරඇත.

කඹුරුගමුව පදිංචි ව්‍යාපාරිකයාට ජපන් වාහනයක් මිලදි ගැනිමට අවශ්‍ය බව හක්මන පදිංචි ඥාති සොහොයුරකුට දන්වාඇත. මේ අනුව එම පුද්ගලයා වලස්මුල්ලේ බ්‍රෝකර් වැඩ කරන පුද්ගලයකු හරහා

අලුත්ගම ප්‍රදේශයේ පුද්ගලයකුට කතා කළ විට ඇක්වා වර්ගයේ ජපන් වාහනයක් තිබෙන බවත් පළමුව ලක්ෂ 35ක් ගෙවා ඉතිරිටික පසුව දෙන්න පුලුවන් බවත් පැමිණිලිකරුට

පවසා ඇත. මේ වාහනය මිලදි ගැනිමට පැමිණිලිකරු කැමැත්ත පළකිරිමෙන් පසු මාර්තු 05 වන දින සැකකරුවන් දෙදෙනා විසින් වාහනය මාතරට ගෙනවිත් පැමිණිලිකරුට පෙන්වා ෆීනෑන්ස් වාරිකද නිදහස් බවට අදාළ ලියකියවිලි පැමිණිලිකරුට පෙන්වීමෙන් පසු එදින රුපියල් ලක්ෂ 10ක් මෙම සැකකරුවන්ට ලබාදි ඉතිරි මුදල් කඩිනමින් ගෙවා දැමිමට වාහනය මිට පෙර කොළඹින් ෆිනැන්ස් කර තිබු සමාගමට අයත් මාතර ප්‍රදේශයේ ශාඛාවකට ලියවිලි ඉදිරිපත් කර ඇත. එවිට මේ වාහනය කොළඹ ශාඛාවෙන් ෆිනැස්කර ඇති වෙනත් අයිතිකරුවකුට අයත් වාහනයක් බවටත් පැමිණිනිලිකරුට දන්වා ඇත.මේ පිළිබඳව මාතර විශේෂ අපරාධ විමර්ශන අංශයට කරන ලද පැමිනිල්ල අනුව පොලිස් නිලධාරින් සැකකරුවන් සොයන විට මේ සැකකරුවන් මිට පෙරද මේ අයුරින් බණ්ඩාරගමින් වංචා කරන ලද වාහනයක් විකිණිමට යද්දි කොළඹ නිති බලගැන්විමේ ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන කලුතර අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු කලුතර රක්ෂිත බන්ධනාගාර ගතවි සිටි පැමිණි අය බව සොයාගෙන ඇත.

සැකකරුවන් හඳුනා ගැනිමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත. සිද්ධියට අදාළ අලුත්ගම ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනිමට නියමිතව ඇත. මාතර කොට්ඨාසභාර පොලිස් අධිකාරි ජි.එච්. මාරපන, මාතර පොලිස් අධිකාරි ( 1 ) ඩබ්ලිව්.වි.ගිනිගේ, යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මාතර විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බන්දුල ප්‍රියන්ත මහතාගේ මෙහෙය විමෙන් පොංසැ.56044 පතිරන, පො.සැ. 26361 විජේසේන , පො.සැ 24189 ප්‍රේමලාල්,යන මහත්වරුන් ඇතුලු නිලධාරීහු සිද්ධිය පිළිබඳව වැඩිදුර පරික්ෂණ පවත්වති. 

නව අදහස දක්වන්න