මෙරටට මත්පැන් ගෙන ආ මගියෙක් කටුනායකදී අල්ලයි | දිනමිණ

මෙරටට මත්පැන් ගෙන ආ මගියෙක් කටුනායකදී අල්ලයි

කොච්චිකඩේ විශේෂ - ඩී. මිහිදුකුල

දඩය 70,000ක් මත්පැන් රාජසන්තකයි

නීති විරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපළින් මෙරටට රැගෙන එන ලද විදේශීය මත්පැන් බෝතල (ලීටරයේ) 45ක් ළඟ තබාගෙන සිටියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිට වරද පිළිගත් අයකුට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් කපිල දුෂ්‍යන්ත එපිටවල මහතා (15දා) රු. 70,000ක දඩයක් නියම කර මත්පැන් බෝතල රාජසන්තක කළේය. දඩ නියමවූයේ කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටය. මේ තැනැත්තා කටුනායක ගුවන් තොටුපළ අසල මේ මත්පැන් බෝතල සන්තකයේ තබාගෙන සිටියදී කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ පොලිස් පරීක්ෂක රත්නකුමාර, පොලිස් කොස්තාපල්වරුන් වන වීරකෝන් 77502, බණ්ඩාර 85199 යන නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබුණි.

කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ අධිකරණ කටයුතු භාර කොස්තාපල් ඩී.එම්.ජී. දිසානායක 38226 මහතා පැමිණිල්ල මෙහෙයවීය. 

මීගමුව විශේෂ එච්. ප්‍රියන්ත

නව අදහස දක්වන්න