මල් වැල් දමා තැබූ මුල්ගල් | දිනමිණ

මල් වැල් දමා තැබූ මුල්ගල්

රූපිකා කේ.බණ්ඩාර

නාය යෑමට ලක්වූ හා නායයෑමේ අවදානමට ලක් වූ රක්වාන හා පැල්මඩුල්ල මැතිවරණ කොට්ඨාසවල වතු පේළි ගෙවල් 50ක පදිංචිකරුවන් සඳහා නිවාස 50කින් සමන්විත නිවාස යෝජනාක්‍රම දෙකක් ඉදිකිරීමේ කටයුතු ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමැති දුනේෂ් ගන්කන්ද මහතාගේ මූලිකත්වයෙන් සිදු විය.

මීට වසරකට පමණ පෙර රක්වාන මැතිවරණ කොට්‍ඨාසයේ මාදම්පේ වතුයායේ නාය යෑම නිසා වතුපේළි නිවාස 25ක් පුපුරායෑමට ලක් වු අතර ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ හා ගොඩකවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ මැදිහත් වීමෙන් මෙම නිවැසියන් වෙනත් ස්ථානවල පදිංචි කරවනු ලැබිණි.

ඔවුන්ගේ තාවකාලික පදිංචිය සඳහා ආපදා කළමනාරණ අමාත්‍යාංශය මගින් කූඩාරම් ලබා දී තිබූ අතර මෙම වතුයාය අයත් හපුගස්තැන්න වැවිලි සමාගම මගින් ඔවුන්ට තාවකාලික වාසස්ථාන ලබා දි තිබිණි.

ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමැති දුනේෂ් ගන්කන්ද මහතා විසින් කඳුරට නවගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන ඇමැති පලනි දිගම්බරන් මහතාගෙන් කළ ඉල්ලීමක් මත පේළි ගෙවල් වෙනුවට තනි නිවාස බැගින් ඉදිකිරිම සඳහා අවශ්‍ය බිම්කොටස් එම වතුයාය අයත් හපුගස්තැන්න වැවිලි සමාගම මගින් ලබා දි තිබිණි.

මෙයට අමතරව පැල්මඩුල්ල මැතිවරණ කොට්ඨාසයේ ඉහළ වේවැල්කැටිය ප්‍රදේශයේ නාය යෑමේ අධි අවදානම් කලාපයේ වසර 10කට වැඩි කලක් වාසය කළ තවත් වතුපේළි නිවැසියන් විසිපහක් සඳහා ද නිවාස යෝජනා ක්‍රමයක් ඉදිකිරිමට ද ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමැති දුනේෂ් ගන්කන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබනු ලැබීය.

එක් නිවෙසකට රුපියල් දස ලක්ෂය බැගින් නිවාස 50කට රුපියල් ලක්ෂ 500ක මුදලක් රජය මගින් නැවත අයකිරිමකින් තොරව වැයකරන අතර මෙම මුදල් හරිත රන් නිවාස වැඩපිළිවෙළ හරහා ලබා දි තිබේ.

නව අදහස දක්වන්න