වැවුරුකන්නල පුදබිමේ වෙසක් අසිරිය | දිනමිණ

වැවුරුකන්නල පුදබිමේ වෙසක් අසිරිය

වාර්ෂිකව පැවැත්වෙන වැවුරුකන්නල වෙසක් මහා පෙරහර 177 වැනි වරටත් ඉකුත් මැයි 11 හා 12 යන දෙදිනයන් හි අති උත්කර්ෂවත් ලෙස පැවැත් වූ අතර වෙනත් වාරවලට වඩා විශාල ජනතාවක් මෙවර පෙරහර නැරඹීම සඳහා එක්ව සිටියහ. සධාතුක කරඬුව මංගල හස්තියා මත වූ දර්ශනීය මණ්ඩපයේ තැන්පත් කිරීම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.ආර්.විමලසිරි මහතා විසින් සිදු කරන ලදී. විහාරාධිපති ආචාර්ය දික්වැල්ලේ තිස්ස අනු නාහිමිගේ අනුශාසනා පරිදි මෙවර පෙරහර සංවිධානය කර තිබූණි. පෙරහර උඩරට, පහතරට හා සබරගමු නර්තනයන්ගෙන් මෙන්ම වැවුරුකන්නල පෙරහරේ සාම්ප්‍රදායික අංගයක් වූ මහ බබා රංගනයෙන් ද අලංකාර වී තිබුණි. 

නව අදහස දක්වන්න