දික්වැල්ල අලුත් පාරේ පාලම අසල කුණු කන්දට ගිනි | දිනමිණ

දික්වැල්ල අලුත් පාරේ පාලම අසල කුණු කන්දට ගිනි

වලස්ගල සමූහ - ලක්ෂ්මන් කුමාරසිංහ

අති විශාල පරිසර දූෂණයක් සිදු කරමින් දික්වැල්ල අලුත් පාරේ පාළම අසල කුණු කන්දක් ගිනි ගන්නා අයුරු නිතර දක්නට ලැබෙන බව ප්‍රදේශවාසීහු පවසති. මෙම ස්ථානයට මහා පරිමාණයෙන් කුණු ගෙනත් දමන්නේ කවුරුන්දැයි කිසිවකු දන්නේ නැත. ප්ලාස්ටික් බෝතල්, ඉටි රෙදි, ෂොපින් බෑග්, යෝගට් කෝප්ප වැනි නොදිරන බොහෝ දෑ මෙම කුණු ගොඩෙහි දැවී යනු දැකිය හැක.

පරිසරය සුරැකීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආයතනය රැසක් තිබුණ ද ඔවුන් කිසිවකු මේ ගැන සොයන්නේ නැති බවට අවට ජනතාව චෝදනා කරති. දික්වැල්ල කළපුව අසල සිදු වන මෙම ගිනි තැබීම හේතුවෙන් කඩොලාන පද්ධතියටද හානි පැමිණ තිබේ. මහා පරිමාණයෙන් සිදුවන මේ පරිසර හානිය වහාම නවතා දැමීමට කටයුතු කරන ලෙස ප්‍රදේශවාසීහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

නව අදහස දක්වන්න