කල්පිටිය දූපත් ධීවරයන්ට කීරිමුන්දලමෙන් නිවාස ව්‍යාපෘතියක් | දිනමිණ

කල්පිටිය දූපත් ධීවරයන්ට කීරිමුන්දලමෙන් නිවාස ව්‍යාපෘතියක්

කල්පිටිය අර්ද්ධදීපයට දූපත් ධීවරයන් සඳහා ක්‍රියාත්මක පළමු නිවාස යෝජනා ව්‍යාපෘතිය, කීරිමුන්දලම දූපතේ ඉදිකිරීමට නියමිත බැව් ,පුත්තලම දිසා ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා පවසයි.

නිවාස 50කින් සමන්විතවන මෙම නිවාස යෝජනා ව්‍යාපෘතිය පිළිබදව මූලික සාකච්ඡාවක් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු, කල්පිටිය සහකාර ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ, නිවාස සංවර්ධන අධිකාරියේ නියෝජිත සහ කීරිමුන්දලම ජනතා නියෝජිතයන් හා මූලික සාකච්ඡාවක් මේවන විටත් පවත්වා ඇතැයි එම මහතා වැඩි දුරටත් පවසයි.

කීරිමුන්දලම දූපත මීට වසර විස්සකට පමණ ධීවර පවුල් 300කට පමණ සෙවන සැපයූ දූපතකි. එහෙත් මුහුදු කෑම හේතුවෙන් මේ වන විට එහි ජනතා පවුල් 50කට අඩු සංඛ්‍යවකට සීමා වී ඇත.

කල්පිටිය සමූහ

නව අදහස දක්වන්න