දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පොදු වැසිකිළියට ජල පහසුකම් නෑ | දිනමිණ

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පොදු වැසිකිළියට ජල පහසුකම් නෑ

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ පවත්වාගෙන යන පොදු වැසිකිළියේ නළ ජලය ලබාදීම නැවැතී මාස පහක කාලයක් ගතවී ඇති බව ද දැනට වැසිකිළිය පාවිච්චි කරන අයකුගෙන් රුපියල් 20ක මුදලක් අයකරගෙන අවශ්‍ය වතුර බාල්දියක් ලබාදෙන බවත් වැසිකිළිය පාවිච්චි කරන ජනතාවට මේ නිසා අපහසුතා රැසක් සිදුවන බව කියති.

මේ වැසිකිළිය කළමනාකරණ භාරය මගින් පුද්ගලික කොන්ත්‍රාත්කරුවකුට භාර දී තිබෙන අතර වැසිකිළියේ පවිත්‍රතාව ගැන නිසි අවධානයක් යොමුකරන ලෙස කළමනාකරණ භාරයෙන් ජනතාව ඉල්ලා සිටිති. කඩකාමර 150ක් මෙහි පවතින අතර එක කඩයක පමණක් සේවකයන් 8-10ත් අතර ප්‍රමාණයක් සේවය කරති. කම්කරුවන් 200ක් පමණ සිටින බව ද වෙළෙන්ඳන් හා ගොවීන් දිනකට 8,ථ000ක් පමණ පැමිණේ. මේ සියලුදෙනාටම ඇත්තේ මේ වැසිකිළිය පමණකි.

ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා - අපද්‍රව්‍ය වළවල් අවදානම් තත්ත්වයක පවතින නිසා ඊට එක්වන ජලය අවම කිරීමට වැසිකිළියට සපයා ඇති ජලය සීමාකර තිබෙනවා.

සීගිරිය විශේෂ

නව අදහස දක්වන්න