ඉන්දීය ධීවරයින් 06ක් අත්අඩංගුවට | දිනමිණ

ඉන්දීය ධීවරයින් 06ක් අත්අඩංගුවට

අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවී නීති විරෝධී ධීවර කර්මාන්තයේ නියැලුණු ඉන්දීය ධීවරයින් 06 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ට්‍රෝලර් යාත්‍රාවක් ද නාවික හමුදා බාරයට ගෙන තිබේ.

උතුරු නාවික විධානයට අයත් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඉන්දීය ධීවරයින් ඊයේ අත්අඩංගුවට ගැනුණේ කෝවිලන් ප්‍රදේශයට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේදී ය.

ඉදිරි නීතිමය කටයුතු සඳහා ධීවරයින් සහ උපකරණ යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂ වෙත බාරදීමට නියමිත බව නාවික හමුදාව පැවසීය.

නව අදහස දක්වන්න