ඔබට කොහොමද? | දිනමිණ

ඔබට කොහොමද?

මැයි මස 24 සිට 30 දක්වා

මේෂ
පුණ්‍ය කටයුතු

අයිතිය සඳහා සටන් කරයි. යටත් නොවෙයි. ආත්මශක්තිය ඉස්මතු වේ. සියලුම අංශවල කලාකරුවන්ට ප්‍රගතියක් පෙන්වන සතියකි. ආදායම් සඳහා බහුවිධ මාර්ග ඉස්මතු වේ. දානමය පුණ්‍ය කටයුතු ආදියේ නිරත වෙයි. පාසල්, උසස් අධ්‍යාපනය ක්ෂේත්‍ර දෙකටම සුබය. මඟුල් ගෙවල් ප්‍රිය සම්භාෂන ආදියට සහභාගි වේ. සමස්තයක් වශයෙන් වැය පක්ෂයට වඩා අය පක්ෂය ඉදිරියෙන් සිටියි. හදිසි දුර බැහැර ගමන් ඇතිවේ. ළය පීනස, අත්පා උරහිස් ආබාධ ඉස්මතුවිය හැක.

වෘෂභ
වාසස්ථාන මාරුවීම්

කෙටි ගමන්වලින් වාසි ලබයි. ගිවිසුම් අත්සන් කිරීමට කොන්ත්‍රාත්ආදිය බාරගැනීම සුබය. හදිසි දුරබැහැර ගමන් යෙදේ. විදේශ ගමන්ලටත් අවස්ථාව උදාවේ. ව්‍යාපාර සඳහා ඉක්මන් ආයෝජන යෙදීමට පෙළඹේ. විවාහ ජීවිතයේ ගැටුම් නිර්මාණය වේ. පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගතියක් පෙන්වයි. හදිසි වාසස්ථාන මාරුවීම් සිදුවේ. වැඩිමහල් සහෝදරයන්ගෙන් සහ ස්ත්‍රි පාර්ශ්වයන්ගෙන් උදව් ලබයි. කෙටි ගමන්වලට ප්‍රවාහන පහසුකම් ලබයි. අත්, උරහිස් ආබාධ, ආමාශ ආබාධ හා හතිය ඉස්මතු වේ.

මිථුන
ප්‍රේමයට සුබයි

කලාකරුවන්ට සුවිශේෂී සතියකි. ඔවුනගේ ප්‍රගතියක් පෙනේ. වැඩිමහල් සහෝදරයන් වෙනුවෙන් මුදල් වියදම් කරයි. හදිසි ආයෝජන යෙදීමට පෙළඹේ. උසස් අධ්‍යාපනයට එතරම් වරදක් නැත. පාසල් අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් පෙන්වයි. පෙම්වතුන්ට සාර්ථක සතියකි. නීති ගැටලුවකට මුහුණදීමට සිදුවේ. මඟුල් තුලා කටයුතුවලට නරක නැත. උගුර, බෙල්ල ආබාධ, රුධිර දෝෂ ඇතිවිය හැක.

කටක
හදීසි අනතුරු

පුණ්‍ය කටයුතු, දානමය කටයුතු වෙනුවෙන් ක්‍රියාශීලී වෙයි. හදීසි ගමන් බිමන් ඇතිවේ. අය පක්ෂය වැය පක්ෂයට වඩා ඉදිරියෙන් සිටියි. කලා ක්ෂේත්‍රයට හිතකර සතියකි. විදේශ මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට වාසිදායක කාලයකි. මගුල් තුලා කටයුතුවලට එතරම් සුබ නැත. විදෙස් ගමන් අපේක්ෂා කරන්නන්ට බලාපොරොත්තු ඉෂ්ට වේ. හදිසි අනතුරු ප්‍රවණතාවක් ඇත.

සිංහ
රැවටිලිවලට හසුවේ

හදිසි දුරගමන් ඇතිවිය හැක. සුළු වශයෙන් හදිසි ධන හානි සිදුවේ. විදේශ මූලාශ්‍රවලින් ධනය ලබන අයට එහි ප්‍රගතියක් පෙන්වයි. ප්‍රබල පරිපාලන යෝගයක් සෑදී ඇත. පාසල් අධ්‍යාපනයේ ප්‍රගතියක් පෙන්වයි. ප්‍රේමයට බාධා නැත. කලා ක්ෂේත්‍ර අයගේ ආදායම් තත්ත්වය ඉහළ යයි. ඉඩකඩම් විකිණීමේ ගනුදෙනුවල යෙදී සිටින්නන්ට වාසිදායකය. ගැබිනි මව්වරුන් ප්‍රවේශම් විය යුතුය. මඟුල් යෝජනා කටයුතුවලදී තමන් ප්‍රවේශම් විය යුතුය. රැවටිලිවලට භාජනය විය හැකිය. කොන්දේ අමාරු රුමැටික් ආබාධ, හතිය ඇතිවේ.

කන්‍යා
අධ්‍යාපනයට හිතකරයි

මේ සතිය සමස්ථයක් වශයෙන් සාර්ථකය. ආදායම් තත්ත්වය අතින්ද වෘත්තීය අතින්ද ප්‍රගතියක් පෙන්වයි. සමාජයේ ජනප්‍රියත්වයට පත්වේ. විනෝදකාමී සමාජ සේවා කටයුතුවල යෙදේ. පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයට ඉතා හිතකරය. විදේශ ගමන්වලට අවහිර බාධක ඇතිවේ.

මඟුල් තුලා කටයුතුවල සාර්ථකත්වයක් පෙන්වයි. හවුල් ව්‍යාපාර ආදියේ සාමාජිකයන් අතර සහයෝගිතාවක් ඇතිවෙයි. ළය පීනස, උගුර ආබාධ, රු‍මැටික් ආබාධ ඉස්මතු වේ.

තුලා 
හදිසි ධන වාසි

අධ්‍යාපන කටයුතු සඳහා විදේශගතවීමටද හැකියාව ලබයි. හදිසි ධන ආයෝජන සුබය. ධනවාසී ඇතිවේ. ව්‍යාපාර නඩු හබ ඇතිවිය හැක. පුණ්‍ය කටයුතු, දානමය කටයුතු වෙනුවෙන් හදිසි වියදම් ඇත. දුරබැහැර ගමන් යෙදේ. කලා ක්ෂේත්‍රවල නියුතුවූවන්ට ප්‍රගතියක් පෙන්වයි. මඟුල් තුලා කටයුතු සාර්ථක වේ. විදේශ මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට හදීසි ධනවාසි ලැබේ. ආමාශගත ආබාධ, සෙම් රෝග ඉස්මතුවෙයි.

වෘශ්චික
ඉඩම් ආරවුල්

ආපනශාලා, හෝටල්, ප්‍රවාහන, කලා ආදී ක්ෂේත්‍රවල නියුතුවූවන්ට යෙදූ ආයෝජනවලින් වාසි අත්වේ. නඩු හබ ඇතිවෙයි.

එයින් අවාසියක් නැත. පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ යම් යම් පසුබෑම් ඇති වුණත්, උසස් අධ්‍යාපනයේ ප්‍රගතියක් පෙන්වයි.

ප්‍රේමයට හිතකර කාලයකි. ඉඩම් ආරාවුල් ඇතිවිය හැක. විවාහ මංගල යෝජනා ඇති අයට සාර්ථකත්වයට අඩිතාලම වැටේ. ස්ත්‍රි පාර්ශ්වයෙන් උදව් හා වාසි ලබයි. උගුර, බෙල්ල යන ස්ථානවල කැපුම් හා සීරීම් තුවාල ඇතිවිය හැක.

ධනු
කලාවට සුබයි

පින් දහම් හා දානමය කටයුතුවල යෙදේ. හදිසි දුරබැහැර ගමන් මෙන්ම විදේශ ගමන්ද ඇති වේ. සියලුම ක්ෂේත්‍රවල කලාකරුවන්ට ඉස්මතුවී පෙනීමට අවස්ථාව ලැබේ. ආදායම් තත්ත්වයද ඉහළ යයි. තම වෘත්තීය ස්ථානයේ හැල හැප්පිලි ඇති වේ. හදිසි ශෛල්‍යකර්ම සඳහා රෝහල්ගතවීමකට ඉඩ ඇත. උසස් අධ්‍යාපන කටයුතුවලට බාධා ගෙන දේ. නමුත් පාසල් අධ්‍යාපනයට එසේ බාධා නැත. ප්‍රේමයට බාධා නැත. ආමාශ ආබාධ, ළය පීනස, පාදයේ ආබාධ ඉස්මතු වේ.

මකර
සතුරු කුමන්ත්‍රණ

ආදායම් තත්ත්වය තමා ළඟ රඳවාගැනීමට අපහසු වෙයි. කොන්ත්‍රාත්, අඩමාන ව්‍යාපාර කරන්නන්ට යම් වාසිදායක බවක් ඇති වේ. කලා, ලේඛන ආදී ක්ෂේත්‍රවල යම් ප්‍රගතියක් පෙනේ. වන්දනා ගමන් යෙදේ. දානමාන පින්කම් ආදියේ යෙදේ.

පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය මෙන්ම උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේද බාධා නොමැත.

ගමනා ගමන පහසුකම් ලබයි. ලොතරැයි වාසනා ඇත. රහස් සතුරු කුමන්ත්‍රණද ඇත. හිසේ අමාරු ආමාශගත රෝග ඉස්මතු වේ.

කුම්භ
වන්දනා ගමන් යෙදේ

අතට එන මුදල් ක්ෂණයකින් ගිලිහී යයි. හදිසි ධන හානි සේම හදිසි මුදල් වාසිද ලබයි. කලා ක්ෂේත්‍රවල නියුතුවූවන්ට අසුබ තත්ත්වයක් නැත. පාසල් හා උසස් අධ්‍යාපනයේ ප්‍රගතියක් පෙන්වයි. හදිසි වන්දනා ගමන් යෙදේ. ප්‍රවාහන පහසුකම් ලබයි. ඉඩකඩම්, ගැටලු ඇතිවිය හැකි වූවත් තමන්ට අවාසි තත්ත්වය උදා නොවේ. නඩුහබවලට මුහුණදීමට සිදුවිය හැක. මඟුල් තුලා කටයුතුවලට එතරම් සුබදායක නැත. කොන්දෙ අමාරු, හදවත් රෝග ඇති අය ප්‍රවේශම් වන්න.

මීන 
ස්ත්‍රීන්ගෙන් වාසි

පින්දහම් කටයුතු, දානමාන කටයුතු කෙරෙහි සිත ඇදී යයි. හදිසි වෘත්තීමය වෙනස්කම් ඇතිවිය හැක. බහුවිධ ආදායම් මාර්ග කරා ගමන් කරයි. සියලුම වර්ගයේ කලා ක්ෂේත්‍රවල අයට ප්‍රගතියක් පෙන්වයි. ප්‍රේමයට බාධා නැත. ස්වාධීනත්වය වැඩිය. මඟුල් තුලා කටයුතුවල ප්‍රගතියක් පෙන්වයි. උසස් අධ්‍යාපන මෙන්ම පාසල් අධ්‍යාපන කටයුතුවලටද වාසිදායකය. ස්ත්‍රි පාර්ශ්වයෙන් වැඩි වාසියක් ඇත. ආමාශ රෝග, සෙම් රෝග හිස් රෝග ඉස්මතු වේ.

ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී
පානදුරේ
රෝහන් වීරරත්න

නව අදහස දක්වන්න