ඉරාකයේ මෝසුල් නගරයේ ජනතාව අනාරක්ෂිතයි | දිනමිණ

ඉරාකයේ මෝසුල් නගරයේ ජනතාව අනාරක්ෂිතයි

බී. බී. සී

අයි. එස් කැරලි කරුවන් අත පවතින ප්‍රදේශය යළි සියතට ගැනීම සඳහා ඉරාක හමුදා විසින් අරඹන ලද මෙහෙයුම අවසන් අදියරට පැමිණ ඇති මොහොතේ ඉරාකයේ මෝසුල් නගරයේ සාමාන්‍ය වැසියන්ගේ ජීවිත දැඩි අවදානමක පවතින බවට එක්සත් ජාතීන්ලේ සංවිධානය අනතුරු අඟවයි.

මෝසුල් වැසියන් අයි. එස් කැරලි කරුවන් ගේ ඉලක්කයට ලක් වී ඇති බව ඉරාකය සම්බන්ධයෙන් කටයුතු කරන එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර සම්බන්ධීකාරවරිය වන ලිසේ ග්‍රෑන්ඩේ කියා සිටියි. එහි සිටින බොහෝ පිරිසක් පානීය ජල හිඟයකට මුහුණ දී සිටින අතර එම ප්‍රදේශවල විදුලි සැපයුම ද ඇනහිට තිබේ.

මෝසුල් හි අයි. එස් කැරලිකරුවන් සතු අවසන් බල ප්‍රදේශ කිහිපයෙන් ඔවුන් පළවා හැරීම සඳහා ඉරාක හමුදා සටන් වැද සිටින අතර පසුගිය වසරේ ඔක්තෝබර් මස දියත් කළ හමුදා මෙහෙයුමත් සමග සාමාන්‍ය වැසියන් ලක්ෂ ගණනක් නගරය හැර පළා ගොස් තිබේ. 

 

නව අදහස දක්වන්න