භූ කම්පනයෙන් සුනාමි අවදානමක් නැහැ - UPDATE | දිනමිණ

භූ කම්පනයෙන් සුනාමි අවදානමක් නැහැ - UPDATE

ඊයේ(29) දින ඉන්දුනීසියාවේ අඩු ජනගහනයකින් යුක්ත ප්‍රදේශයක මෙම භූමිකම්පනය සිදුව ඇති බැවින් හානිය අවම වී ඇත.

ඒ අනුව පුද්ගලයින් තිදෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වන අතර මේ හේතුවෙන් ගොඩනැගිලි හා නිවාස කිහිපයකට ද හානි සිදුව තිබේ.

එසේම මෙම භූමිකම්පනයෙන් අනතුරුව පසුකම්පන 14ක් පමණ වාර්තා වී ඇති අතර එවායේ විශාලත්වය පුබල නොවන බව ඉන්දුනීසියාවේ කාලගුණ හා භූ විද්‍යා නියෝජිතායතනය සදහන් කර ඇත.

මෙම තත්ත්ව මත සුනාමි අවදානමක් ඇති නෙවාන බවද එම ආයතනය සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක් -UPDATE

ඉන්දුනීසියාවේ ප‍්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙන බව වාර්තාවේ.

ඒය ඉන්දුනීසියාවේ මධ්‍යම සුලවේසි ප‍්‍රාන්තය අසන්නයේ හට ගත් බව සදහන්.

භූ කම්පනයේ ප‍්‍රබලත්වය රික්ටර් ඒකක 6.8 වන අතර මේ හේතුවෙන් නිවාස සහ  ගොඩනැගිලි ගණනාවකට හානි සිදුව ඇති බව මාධ්‍ය වාර්තාවල දැක්වේ. 


නව අදහස දක්වන්න