නාය ගිය දෙනියාය මාර්ගය ප්‍රතිසංස්කරණය කෙරේ | දිනමිණ

නාය ගිය දෙනියාය මාර්ගය ප්‍රතිසංස්කරණය කෙරේ

පසුගියදා ඇතිවූ ආපදා තත්වය හේතුවෙන් අකුරැස්ස - දෙනියාය ප්‍රධාන මාර්ගය (A 17) දෙනියාය වත්ත ප්‍රදේශයෙන් මීටර් 100 ක පමණ ප්‍රමාණයක් නායයෑමට ලක්වූ අතර එම මාර්ගය යථාතත්වයට පත්කිරීමේ කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන් විසින් මේ දිනවල සිදුකරනු ලබයි.
 
අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පසුගිය 31 වනදා එම ස්ථානයේ කටයුතු නිරීක්ෂණයට මෙසේ එක්විය.
 
එහිදී මාර්ගය පිළිසකර කිරීමේ මෙහෙයුම් කටයුතු සොයාබැලූ අමාත්‍යවරයා දිවා රාත්‍රී නොතකමින් මාර්ගය යථාතත්වයට පත්වීම සදහා වැඩකරනු ලබන යුද හමුදාවට සහ පොලිසියටද සිය ස්ථිතිය පලකරනු ලැබිණි.
 
ඉදිරි මෙහෙයුම් කටයුතු පිලිබදව විමසා බැලූ අමාත්‍යවරයා ඔවුන් වෙත අවශ්‍ය උපදෙස් ලබාදීමටද කටයුතු කළේය.
 
A -17 ප්‍රධාන මාර්ගය දෙනියාය වත්ත අසල නායගිය ප්‍රදේශය යලි සකස්කරන තුරු ගමනාගමනය සදහා දෙනියාය වත්ත හරහා විකල්ප මාර්ගයක්ද දැනට අමාත්‍ය සාගල රත්නායක මහතාගේ සම්බන්ධීකරණය මත ඉදිකර ඇත.

නව අදහස දක්වන්න