දිවයින හරහා තද සුළං | දිනමිණ

දිවයින හරහා තද සුළං

රක්ෂණ ශ්‍රියන්ත

දිවයින හරහා (විශේෂයෙන් දකුණු පළාතේ සහ මාතලේ, ත්‍රිකුණාමලය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල) විටින් විට හමන පැ.කි.මී.50 දක්වා සාමාන්‍යයෙන් තද සුළං ඇතිවන අතර බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම පළාත්වල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ තැනින් තැන වැසි ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතේ සහ මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල විශේෂයෙන් සවස්කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවලතැනින් තැන වැසි ඇති වේ.දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 35-45ක් පමණ වේ. පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහාපොතුවිල් දක්වා සහ මඩකලපුව සිටත්‍රිකුණාමලය හරහා මුලතිවු දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැ.කි.මී.70 දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැක.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැ.කි.මී.60 දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

ධිවර සහ නාවික ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන මෙන් කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි. 


නව අදහස දක්වන්න

Or log in with...