කාල ෙය් තාලයට ෙවනස්වන මංගල කලාව | දිනමිණ

කාල ෙය් තාලයට ෙවනස්වන මංගල කලාව

මදාරා මුද­ලිගේ

හදවත් දෙකක් එකට යා කරන ජීවිතයේ සොඳුරු තම දිනය අමතක නොවන දිනයක් කර ගැනීමට ලැබීම ඕනෑම පුද්ගලයකු සතු එක් ප්‍රාර්ථනාවක්. උපන්දා සිට මිය යන තෙක් ම ගත කරන ජීවිත කාල සීමාව තුළදී හමුවන සුවිශේෂී සංසිද්ධීන් අතුරින් විවාහයට ප්‍රමුඛස්ථානයක් හිමි වන්නේ ද එනිසාය.

ප්‍රේමයේ කූඨ ප්‍රාප්තිය සිදුවන දිනය සුන්දර කර ගැනීම සඳහා පතිකුලයට යන්නන්ගේ සිතැඟියාවන්ට අනුව ඔවුන්ට අවශ්‍ය උපරිම සහයෝගය ලබා දෙන  ශ්‍රී ලංකාවේ විවාහ උත්සව සැරසිලි ආයතන කිහිපයක ව්‍යාපාරික ස්වරූපය පිළිබඳව කරන ලද සටහනකි ‍මේ.

මෙවැනි ව්‍යාපාරයක් පටන්ගන්න මට එහෙම විශේෂ හේතුවක් තිබුණේ නැහැ. විවාහ සැරසිලි වල සෑම අංගයක්ම අපි සිදු කරනවා. ටේබල්, ඩෙකෝ, සෙටි බෑක්, එන්ට්‍රන්ස්, ඩෙකරේෂන්, ඔයිල් ලෑම්ප්, කාර් ඩෙකරේෂන්, වැනි දේවල් උපරිම ප්‍රමිතියෙන් සහනදායි මිලකට අපි ලබා දීම සිදු කරනවා. අපි ළඟ රු.50,000, රු.1,25,000 යන මිළ ගණන්වලට පැකේජ ලබා දෙනවා. වෙඩින් එකයි, හෝම් කමින් එකයි දෙකට අපෙන් සිදු කරනවානම් අපි වට්ටමක් ලබා ‍දෙනවා. ඒ වාගේම ඔවුන්ට අපි වාහන සරසලා දීම සඳහාත් සහනදායී මිල ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා.

අපි පටන් ගන්න කාලේ මෙවැනි සැරසිලි ආයතන ‍ගොඩාක් තිබුණේ නෑ. දැන් එහෙම නෙමෙයි මනමාලියන්ට අන්දනවා වාගේ මෙවැනි ආයතන වැහි වැහැලා.

පොඩියට පටන් ගන්න අපි දැන් යම් ස්ථාවර මට්ටමකට ඇවිල්ලා ඉන්නවා. ඒ ගැන ගොඩාක් සතුටුයි.

පහළ මට්ටමින් ආරම්භ කළ තම විවාහ සැරසිලි ආයතනය ටිකෙන් ටික වැඩිදියුණු වී අද වන විට ලංකාවේ යම් ස්ථානයක් හිමිකර ගෙන සිටින ග්‍රෑන්ඩ් වෙඩින් ස්හි හිමිකරු සංජය විජේසුන්දර මහතා තම අදහස් ප්‍රකාශ කළේ එලෙසයි. පඩියෙන් පඩිය ඉහළට නැගගනිමින් ඉහළම ස්ථරයට පැමිණෙන ව්‍යාපාරිකයෙක් ඇති ආත්මශක්තිය මෙන් ම එයින් ලැබෙන පන්නරය ද ඔහුගේ ජීවිතයට අස්වැසිල්ලකි.

“මම පානදුරේ පිහිටා ඇති අමා ෆ්ලෝරා විවාහ සැරසිලි ව්‍යාපාරට පටන් ගත්තේ 2005 වසරේදී. දැනට සේවකයෝ 10 දෙනෙක් මා ළඟ සේවය කරනවා. විවාහ උත්සවයන් ලස්සන කරන්න අවශ්‍ය සෑම අංගෝපාංගයක්ම අපි ලබා දෙනවා. ඔවුන් ඉල්ලන ආකාරයට සහනදායක ඔසරිය සහ නිළමේ ඇඳුම්වලින් සැරසිලා උඩරට ක්‍රමයට සිදු කරන විවාහ උත්සවවල සැරසිලිවලට අපි අය කරන මිළ ටිකක් විතර වැඩියි.

ඉන්දියානු ක්‍රමයට හෝ බටහිර ක්‍රමයට සිදු කරනු ලබව විවාහ උත්සවල සැරසිලිවලට අපි විශාල මුදලක් අය කරන්නේ නැහැ.

හෝම් කමින් එකකට නම් රු.45,000ක් විතර අය කරනවා. වෙඩින් එකකට අය කරන්නේ අවම වශයෙන් රු. 50,000ක් විතර මුදලක් තමයි.

‍මේ සැරසිලි සෑම දෙයකටම අපි නුවරඑළියෙන් තමයි බොහෝ විට ෆ්‍රෙෂ් මල් ගෙන එන්නේ. මල් සැර සිලි වලට අපි රු. 30,000 - 35,000 ක් පමණ මුදලක් අය කරනවා. අපේ වෙඩින් පැකේජවලට සමහර සැරසිලිවලට මුදල් අය කරන්නේ නැතුව free ලබා දෙනවා. ලයිට්නින් වාගේ දේවල් අපි free ලබා දීමට දැන් කටයුතු කරලා තියෙනවා. අපි අ‍පේ පාරිභෝගිකයන්ට ඒ ගොල්ලෝ ඉල්ලන පහසු ආකාරයට අපේ ‍සේවාවන් ලබාදීමට සැදී පැහැදී ඉන්නවා.

2005 දී අපි මුලින්ම පටන් ගත්තේ මම රට ගිහිල්ලා ලංකාවට ආව ගමන්මයි. ඉස්සර මට තිබුණේ පෝරු 2ක් සහ‍ සෙටි බෑක් 2ක් පමණයි. ඒත් දැන් අපි විශාල දියුණුවක් ලබලා තියෙනවා. අපි දැන් අවුරුද්දෙන් අවුරුද්දට අපේ සැරසිලි මෝස්තර රටා වෙනස් කරනවා. අපි දැන් ඇත්තටම වසරින් වසර යාවත්කාලීන වෙනවා.

විවාහ උත්සවයේ ශාලාවට පැමිණීමෙන් පසුවයි එම විවාහ උත්සවයේ සැරසිලි හොඳද නැද්ද කියලා මිනිසුන්ට තේරෙන්නේ. මනාළ යුවළගේ ස්වර්ණමය දවස ලස්සන කරන්න පුළුවන් ක්ෂේත්‍රයේ දක්ෂ, පළපුරුදු වගකිව යුතු ආයතනයකට පාරිභෝගිකයින් (මනාළ යුවළවල්) පැමිණෙනවා කථා තමයි වැදගත් වන්නේ.” එලෙස තම ව්‍යාපාරික ආයතනයේ දියුණුවේ ගමන් මගට උරදුන් සාධක පිළිබඳව පවසමින් විවාහපේක්ෂාවෙන් සිටින යුවතිපතින්ට වැදගත් වන කරුණු සඳහන් කළේ පානදුර අමා ෆ්ලෝරා ව්‍යාපාරයේ අධිපති මහේෂ් චින්තකයි.

ජීවිතයේදී එක් අවස්ථාවක් පමණක් හිමිවන මංගල දිනය සුන්දර කරන සැරසිලි ආයතන බොහෝ පැවතිය ද තමන්ට දැරිය හැකි මුදලකට, නිසි ප්‍රමිතියකින් යුක්ත සැරසිලි ආයතන පිළිබඳව සොයා බැලීම පිළිබඳ විවාහ පේක්ෂකයින්ගේ අවධාරණයට ලක් විය යුතු කරුණකි.

මගේ ව්‍යාපාරයට නම් මල් ගෙන්නන්නේ නුවරඑළියෙන්. ඒ හැරුණු‍කොට මම දැන් ගොඩක්ම භාවිතා කරන්නේ කෘත්‍රිම මල්. මම මේක පටන් ගත්තේ 2008 අවුරුද්දේ. දැන් සේවක‍යෝ 04 දෙනෙක් ඉන්නවා. විවාහ උත්සවයකට අවශ්‍ය කරන සෑම සැරසිල්ලක්ම අපි ලබා දෙනවා. සෙටි බෑක්, ඔයිල් ලෑම්ප්, එන්ට්‍රන්ස් යනාදී සැරසිලි ඒ අතර විශේෂ ස්ථානයක් ගන්නවා. අපි සාමාන්‍යයෙන් විවාහ උත්සවයකට සැරසිලි සඳහා රු. 35,000 – 40,000 ක් විතර මුදලක් අය කරනවා.

අපි ළඟට ගොඩාක් තරුණ තරුණියන් විවිධ වෙඩින් ඇල්බම් අරගෙන ඇවිල්ලා අපිටත් මේ විදිහට කරලා දෙන්න කියලා කියනවා. අපි උපරිම මහන්සියෙන් ඒ ගොල්ලන්ට ඒ දේවල් සිදු කරලා දෙනවා. සමහර වෙලාවට අපි ඒගොල්ලන්ට ගැලපෙන අන්දමින් මිල වෙනස් කරලත් සේවය සපයනවා.

මම නම් හිතනවා මගේ බිස්නස් එක ඉදිරියටත් හොඳින් කර ගෙන යන්න පුළුවන් කියලා. එකම ගැටලුව තමයි සේවකයෝ හිඟකම. ග්‍රෑන්පාස්හි පිහිටි ග්‍රෑන්ඩ් වෙඩින් ක්‍රියේෂන්හි හිමිකරු අජිත් ලාල් පෙරේරා තම විවාහ මංගල සැරසිලි ආයතනය පිළිබඳව තම අදහස් ප්‍රකාශ කළේ තමන්ට ඇති එකම ව්‍යාපාරික අර්බුදය පිළිබඳව සඳහන් කරමිනි. විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින යුවතිපතීන්ට එදින අමතක නොවන පරිදි සුන්දර කර දීමට මෙම ව්‍යාපාරික ප්‍රජාවට ඇත්තේ සුළුපටු වගකීමක් නොවේ. මට දැනුම් තේරුම් ඇතිකාලේ ඉඳලම මට සැරසිලි පිළිබඳව විශේෂ හැකියාවන් තිබුණා. මීට අවුරුදු 06කට ඉහතදී තම යි මම කොලින්ස් කියන මගේ විවාහ මංගල සැරසිලි ව්‍යාපාරය පටන් ගත්තේ. දැනට සේවකයෝ 8 – 9 ක් පමණ සිටිනවා. ඩිසයින් එක අනුව අපේ මිළ ‍වෙනස් වනවා. ඒ කොහොම වුනත් පාරිභෝගිකයාට අවශ්‍ය ආකාරයට අපි සේවාව දෙන්න ලෑස්තිවෙලා ඉන්නේ.

මෙම විවාහ මංගල සැරසිලි වලට අද වෙනකොට හොඳ ඉල්ලුමක් තියෙනවා. වැඩි දෙනෙක් හිතන්නේ ප්‍රමිතිය පිළිබඳව නෙ‍වෙයි, මිළ අඩුකම පිළිබඳ විතරයි. ඒක ඔවුන් සතුව පවතින ලොකු දුර්වලතාවයක්.

පානදුරේ ඉඳන් කළුතර දක්වාම විවාහ මංගල සැරසිලි ආයතන විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ තියෙනවා. ඒවායින් සමහර ආයතනවලට හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒත් සමහර ඒවට එහෙම නෑ. මගේ ව්‍යාපාරයටත් සැලකිය යුතු ප්‍රමාණයක පාරිභෝගික ප්‍රමාණයක් සිටිනවා. වාද්දුව ප්‍රදේශයේ “කොලින්ස්” නමැති මංගල සැරසිලි ව්‍යාපාරයේ හිමිකරු වන කොලින් පෙරේරා තම අදහස් දැක්වූයේ එලෙසයි.

දිනෙන් දින හතු පිපෙන්නාක් මෙන් ශ්‍රී ලංකාවේ විවාහ මංගල සැරසිලි ව්‍යාපාරික ආයතන බිහි වේ. පතිකුලයට යන නව යුවතිපතීන්ගේ සොඳුරුතම දිනය සුන්දර කරමින් කෙදිනක හෝ එම සුන්දරත්වය ‍දෙස හැරී බැලී තෘප්තිමත් වීමට හැකි නම් ඔවුන්ට ඊට වඩා වැඩි සතුටක් තවත් නැත.

එලෙස ජීවිතයේ මූලික සංසිද්ධියක් පසුකරන එම දිනයේදී, නිසි වගකීමෙන්, ප්‍රමිතිකරණයෙන් මෙන්ම අවංක බවින් යුතුව තම සේවාවන් සපයන මංගල සැරසිලි ආයතන කවරේදැයි යන්න හොඳින් නිරීක්ෂණය කරමින් තම විවාහ දිනය මනරම් කර ගැනීම සැබැවින්ම විවාහපේක්ෂකයින්ගේ වඩාත් අවධාරණය ලබා දිය යුතු කරුණක් නොවන්නේ ද

 

නව අදහස දක්වන්න