'ඔව්! මං සාම්ප්‍රදායික නැහැ' යුරේනි නොෂිකා | දිනමිණ

'ඔව්! මං සාම්ප්‍රදායික නැහැ' යුරේනි නොෂිකා

නිමෝලයිව් අධ්‍යක්ෂවරයා මගෙත් එක්ක චිත්‍රපටයේ සියලුම දර්ශන ගැන පැහැදිලි කිරීමක් කළා. ඔතන වෙන්නේ පෙම්වතුන් දෙදෙනනෙක් ප්‍රථම වතාවට ලිප් කිස් එකක් දෙන දර්ශනයක්. ඒක දෙන්නටම නුහුරුයි. චිත්‍රපටය ඇතුලේ පෙන්නන්න ඕන ඒක. ඒ සීන් එක චිත්‍රපටයට අදාලයි. ඒ හින්දා වාරණයකින් තොරව මං එයට එකඟතාවය ප්‍රකාශ කළා. නමුත් මං වගකීමෙන් කියන්නේ නිනෝලයිව් මාර්කට් කරන්නනෙවෙයි ඒ දර්ශනය කළේ.

 

 

යුරේනි නොෂිකා යනු පුවත් මවන්නියකි. ඇය හැරුණත් පුවත් මැවේ. යුරේනි ගැන එතරම්ම අවධානයෙන් ඇතැම් ගොසිප් පිටු බලා සිටියි. ඇය රංගනයෙන් දායක වූ සිනමාපටයක් මේ දිනවල තිරගතවේ. ඒ තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කළ නිමෝ ලයිව්ය. එය යුරේනිගේ පළමු සිනමා කෘතියයි. එනමුදු නිනෝ ලයිව් තිරගත වනුයේ එය නිර්මාණය වී වසර අටකට පසුවයි.

* යුරේනි පළමුව මට කියන්න නිනෝ ලයිව් සිනමාපටය සඳහා ලැබෙන ප්‍රතිචාර කොහොමද කියලා?

කවුරුත් දන්නවා මේ වන විට රට ව්‍යසනකාරී තත්ත්වයකට මුහුණ දීලා තිබෙන්නේ. එහෙව් තත්ත්වයක් මත නිනෝ ලයිව් බලන්න එන්න කියන එක මානුෂීය නැහැ. චිත්‍රපටය තිරගත වෙද්දී මම හිතුවේ නැහැ ලොකු ප්‍රතිචාරයක් ලැබේවි කියලා. නමුත් ඊට ලබා දුන්නු ප්‍රචාරයත් එක්ක සැලකිය යුතු මට්ටමක පිරිසක් නිනෝලයිව් බලලා තියෙනවා. ඒක සතුටු විය යුතු කාරණයක්. මේක වෙනස් විදිහක චිත්‍රපටයක්. ඒ වගේම හරිම කලාත්මකයි.

* ඔබ හිතන පරිදි සුදුසුම කාලයේදී නිමෝලයිව් තිරගත වුණේ?

මං හිතනවා ඔව්. නිමෝලයිව් මගේ පළමු චිත්‍රපටය. ඒ වගේ නිනෝ අරලිය, දසුන් පතිරණ සහ අධ්‍යක්ෂ තිසරගේ පළමු සිනමාපටය. ඒ කාලයේදීම එය පෙන්නුවා නම් මිනිස්සුන්ට දැනෙන්නේ මේක අලුත් කොල්ලො කෙල්ලො කරපු චිත්‍රපටයක් විදිහට. නමුත් මේ පිරිද අද වනවිට ක්ෂේත්‍රයේ යම් ස්ථාවරයකට ඇවිත් සිටිනවා. ඒ හින්දා දැන් නිනෝලයිව් බලද්දී ප්‍රේක්ෂකයන්ට එය ෆීල් වෙන ගතියක් මට දැනෙනවා. ඇත්තටම කිව්වොත් මේ කාලය තමයි ඉතාම සුදුසු නිමෝලයිව් තිරගත වෙන්න.

* හැබැයි, එදා නිමෝලයිව් තිරගත වුණානම් ඔබ සිනමාව පැත්තෙන් මේ වන විට මීට වඩා ඉදිරියට ඇවිත් සිටින්නට තිබුණා?

මට ඒකට නිශ්චිත උත්තරයක් දෙන්න බැහැ වගේ. මම හිතන්නේ නැහැ ඒ නිසා මගේ චිත්‍රපට ජීවිතය අඩාල වුණා කියලා. අනේ මන්දා . . .

* නිනෝ ලයිව්හි ඔබේ චරිතය ගැන කතා කළොත්?

චරිතයේ නම නුනු. ඒක ග්ලැමර් චරිතයක් නෙවෙයි. සරල පෙම්වතියක්. හැබැයි නුනු ජීවත් වෙන්නේ වගකීමක් ද සමඟින්.

* චිත්‍රපටයේ ඔබට වැඩිපුරම ෆීල්වෙන දර්ශනය මොකක්ද?

නුනු නිනෝව දාලා යන තැන තියෙන්නේ. අන්න ඒ සීන් එකට මං හුඟක්ම කැමැතියි.

* නිනෝ සහ ඔබ නිරූපණය කරන ලිප් කිස් දර්ශනය ගැන මොකද කියන්න තියෙන්නේ?

ඒක චිත්‍රපටයට අදාලයිනේ.

* ඒ වගේ දර්ශනවලදී ඔබට වාරන නැතිද?

නිමෝලයිව් අධ්‍යක්ෂවරයා මගෙත් එක්ක චිත්‍රපටයේ සියලුම දර්ශන ගැන පැහැදිලි කිරීමක් කළා. ඔතන වෙන්නේ පෙම්වතුන් දෙදෙනනෙක් ප්‍රථම වතාවට ලිප් කිස් එකක් දෙන දර්ශනයක්. ඒක දෙන්නටම නුහුරුයි. චිත්‍රපටය ඇතුලේ පෙන්නන්න ඕන ඒක. ඒ සීන් එක චිත්‍රපටයට අදාලයි. ඒ හින්දා වාරණයකින් තොරව මං එයට එකඟතාවය ප්‍රකාශ කළා. නමුත් මං වගකීමෙන් කියන්නේ නිනෝලයිව් මාර්කට් කරන්නනෙවෙයි ඒ දර්ශනය කළේ.

* ඔය දර්ශනය මේ වන විට සමාජජාල ඔස්සේ හයිලයිට් වෙනවා. ඇතැම් අය බොහොම පහත් විදිහට කමෙන්ට් පවා සටහන් කරලා තියෙනවා?

දැන් ෂූට් කරන මියුසික් වීඩියෝවල පවා ඔවැනි දර්ශන තියෙනවා. ඒක දැන් සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා.

* ඒ වුණාට වැඩිදෙනෙක් ඔය ගැන කතා කරන්නේ යුරේනි නොෂිකා එහි රඟපාන නිසා?

ඒක තමයි. මං හැරුණත් ඇති මොනවා හරි කියන්න. කලා ලොවට ඇවිත් ස්ථාවර වෙනකොට හොඳ වගේම නරකත් ලැබෙනවා කියන කාරණාව මං දැනගෙන හිටියා. මල් වගේම ගලුත් එනවා. ඒ හින්දා ඔය වගේ නරක කමෙන්ට් ලැබීම පොදු කාරණයක් හැටියටයි මං සලකන්නේ. සිත් රිදීම් වෙනවා. නමුත් මං ඒවා ලොකුවට ගණන් ගන්නේ නැහැ. ඒ වෙලාවට සයිලන්ට් වෙලා ඉන්නවා. ආගම දහමට යොමු වෙනවා. කාලයක් තිස්සේ ලැබුණු ඔවැනි ප්‍රතිචාර නිසා ඊට මුහුණ දෙන්න මගේ හිත හැදිලා තියෙන්නේ.

* යුරේනි කියන්නේ රහත් වෙච්ච කෙනෙක් නෙවෙයිනෙ. ඔබ සබැඳි කතාවක් නිසා වැඩිපුරම ඔබට හිත රිදිච්ච අවස්ථාව මොකක්ද?

කොරියාවෙදි මං සහභාගි වූ ප්‍රසංගයකදී මගේ පිටුපසින් ගත් සේයාරුවක් සමාජ ජාල ඔස්සේ හුවමාරු වෙලා තිබුණ. එහි මං ඇඳගෙන හිටපු යට ඇඳුම රතු පාටින් එඩිට් කරලාත් ඇතැමුන් අන්තර් ජාලයට දාලා තිබුණා. ඒ මොහොතෙදි මගේ හිත ගොඩක් පෑරුණා. නමුත් මං හිතුවේ මට එහෙම වුණේ පෙර අකුසලයක් නිසා කියලා. ඒ අකුසල ඒ සිදුවීම හරහා නිමා වුණා.

* කලාකරුවන් අතරින් වැඩිම රසික රසිකාවන් ඉන්න ෆේස්බුක් ෆෑන් පේජ් එක තියෙන්නේ ඔබට. එනමුත් ඔබ වැඩිපුර නිර්මාණවල නැහැ. ඒ වගේම ජනප්‍රිය නිළියට හිමි සම්මාන ලැබිලත් නැහැ?

මේ වන වට මගේ පේජ් එකේ ලක්ෂ දහයකට එහා ගිය ෆෑන්ස්ලා ටිකක් ඉන්නවා. මං හිතන්නේ එතරම් ජනප්‍රසාදයක් ලබන්නට මං පිංකරලා තියෙනවා. ඒ වුණාට එතැනදි දෙපැත්තක් සිතිය යුතුයි. මගේ පේජ් එකේ ඉන්න ඔක්කොම ෆෑන්ස්ලා මට කැමැති අය නොවන්න පුළුවන් නේද. ඒත් මට ඉන්න රසික රසිකාවන් එක හිතින් මං ගරු කරනවා.

* යුරේනි නොෂිකා අසම්මත චරිතයක්ද?

ඒ කිව්වේ?

* මං ඇහැව්වේ සම්ප්‍රදායික නොවන තරුණියක් ද කියලා?

ඔව්. මං සම්ප්‍රදායික නැහැ. උඩින් ඔපේ යටින් හපේ ජීවිතයක් නෙවෙයි මං ගත කරන්නේ. මං හරිම සරලයි. ඒ වගේම ඇත්ත කතා කරනවා. බොරු විනීතකම් මගේ ළඟ නැහැ. හැබැයි විනීතයි. ඒ වගේම මං හරි ඕපන්. ඒකයි මං ගැන වැඩි දෙනෙක් අවධානය යොමු කරන්නේ.

* ඔබ විදෙස් රටක චිත්‍රපටයක නිරුවතින් රඟපාන්න සූදානම් වෙනවා කියලා පුවතක් පළවෙලා තිබුණා වෙබ් අඩවියක?

ඒක බොරුවක්. මං පුවත්පතකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී පවසපු කතාවක් විකෘති කොට පළ වූ පුවතක් ඒක. මං කිව්වේ අප රට නිර්මාණයකදී නිරුවත ගැලපනේනේ නැහැ කියලා. මේ රටේදී මහ ලොකු දෙයක් වුණාට වෙනත් රටකදී නිර්මාණයකට නිරුවත යොදා ගන්නේ ඊට ගැලපෙනවා නම් පමණයි. ඒ වගේම හරිම කලාත්මකවයි ඔවුන් නිරුවත නිර්මාණයකට යොදා ගන්නේ. අපේ රටේ එහෙම නැහැනෙ.

* යුරේනිගේ තනිකඩ ජීවිතය කවදාද නිමා වන්නේ?

දන්නේ නැහැ. අවිවාහකවම ජීවිත කාලයම ඉන්නයි උත්සාහ කරන්නේ.

 

නව අදහස දක්වන්න