වෛද්‍ය ප්‍රතිකාරවලට ගිය අගමැති අද එයි | දිනමිණ

වෛද්‍ය ප්‍රතිකාරවලට ගිය අගමැති අද එයි

ශිරෝමි අබයසිංහ

වෛද්‍ය ප්‍රතිකාර සඳහා පසුගිය මැයි 27 වැනි දා අමෙරිකාවේ නිව්යෝක් නුවර බලා ගිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (10) දිවයිනට පැමි­ෙණයි.

නිව්යෝක් නුවර රෝහලක වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට මුහුණ දුන් අගමැතිවරයාගේ වෛද්‍ය පරික්ෂණ වාර්තා ඉතා සතුටුදායක බව අගමැති කාර්යාලයේ ඉහළ නිලධාරියකු දිනමිණට පැවසීය.

වෛද්‍ය පරීක්ෂණවලින් පසුව අගමැති වික්‍රමසිංහ මහතා පසුගිය 5 වැනි දා නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී එක්සත් ජාතින්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටර්ස් මහතාද එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත කාර්යාලයේදී පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ට් මහත්මිය සහ එක්සත් ජාතින්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ ප්‍රධානී ජෙෆ් ෆෙල්ට්මන් මහතාද හමු විය.

මෙම සංචාරයට මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මියද සහභාගි වූවාය. 

අදහස් 1ක් ඇත

This is a disgrace,we have many hospitals in SL for a medical checkup. This shows that you value foreign stuff. What a disgrace to a PM...

නව අදහස දක්වන්න