ආගමික සහජීවනයට අවශ්‍ය නම් නව නීති | දිනමිණ

ආගමික සහජීවනයට අවශ්‍ය නම් නව නීති

ආගමික සහජීවනයට එරෙහි ක්‍රියාමාර්ග වැළැක්වීමට, අවශ්‍ය නම් නව නීති හදුන්වා දීමට සූදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පවසයි.

ඔහු පැවසුවේ යම් ආගමකට, ජන වර්ගයකට විරුද්ධව වෛරය පතුරුවන හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙන අයට එරෙහිව නීත්‍යනුකූලව පියවර ගැනීමට කැබිනට් මණ්ඩලය ඊයේ දිනයේ තීරණය කළ බවයි.

ඒ අනුව කටයුතු කරන ලෙස පොලීසියට උපදෙස් ලබාදී ඇති බව ද අග්‍රාමාත්‍යවරයා අද (14) විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.

ඒ අනුව දැනටමත් යම් යම් පිරිස් අත්අඩංගුවට ගෙන පොලීසිය විසින් නීතිමය වශයෙන් කටයුතු කරන බවත්, අවශ්‍ය වුවහොත් නව නීති සම්මත කර ගැනීමට ක්‍රියා කරන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

නව අදහස දක්වන්න