මාධ්‍යට නිදහසින් වැඩියෙන්ම බැට කන්නේ ජනපති සහ අගමැති | දිනමිණ

මාධ්‍යට නිදහසින් වැඩියෙන්ම බැට කන්නේ ජනපති සහ අගමැති

රක්ෂණ ශ්‍රියන්ත

 කාලයේ දැවැන්ත මර්දනයකට මුහුණ දුන් ජනමාධ්‍ය එයින් නිදහස් කර කිසිදා නොතිබුණු ජනමාධ්‍ය නිදහසක් ලබාදීමට වත්මන් ජනපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කළ බවත් එහි ප්‍රථිඵලය වශයෙන් ඒ නිදහස ලබාදුන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා මාධ්‍යයෙන් වැඩියෙන්ම බැට කන බවද මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි.

එසේ වුවද මාධ්‍යයට තහංචි හෝ මර්දන පැනවිම කිසි විට නොකරන බවත් තමන්ගේ ඉලක්කය තව දුරටත් ජනමාධ්‍ය පෝෂණය කරමින් රටටත් ජනතාවටත් වග කියන නිදහස් ජනමාධ්‍යයක් ඇති කිරීම බවද ඇමැතිවරයා සඳහන් කෙළේය.

ඒ මහතා එසේ සඳහන් කෙළේ ඊයේ (14) ස්වාධින රූපවාහිනී මාධ්‍ය ජාලයේ 38වෙනි සංවත්සරය නිමිත්තෙන් නව කාර්යාල සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි. පසුගිය යුගයේ ස්වාධීන රූපවාහිනී සේවය ස්වාධීන යන්න නමට පමණක් සීමාවී තිබු බව පැවසු ඇමැතිවරයා එකල එක් පවුලක එක කණ්ඩායමක දේශපාලන අවශ්‍යතාවයන් සඳහා ප්‍රවෘත්ති නිර්මාණයට අනෙක් අයට මඩ ගැසීමට කටයුතු කළ බවද ඇමැතිවරයා සිහිපත් කෙළේය.

ජනපති හා අගමැති ප්‍රමුඛ රජය යන ගමන සාර්ථකව ඉදිරියට ගෙන යාම සඳහා විශේෂයෙන්ම අයි.ටී.එන් ආයතනයේ සහයෝගය මග පෙන්වීම වඩා ක්‍රියාකාරීව ඉදිරියටත් අවශ්‍යයයිද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය. 

නව අදහස දක්වන්න