බහුතරය පෙන්වන ලෙස උතුරු පළාත් මහඇමතිවරයාට ලිඛ්තව දැනුම් දෙන බව,උතුරු පළාත් ඇණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පවසයි
විග්නේෂ්වරන්ට එරෙහිව විශ්වාසභංගයක් - UPDATH
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහ ඇමතිධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් එම පළාත් සභාවේ මන්ත්‍රීන් 21 දෙනෙකුගේ අත්සනින් යුත් පෙත්සමක් ඊයේ රාත්‍රියේ බාර දී ඇත.
පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේට එම ලිපිය බාරදුන් බව ද සදහන්.
උතුරු පළාතේ මීළඟ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස වත්මන් සභාපති සී.වී.කේ සිවඥානම් පත්කළ යුතු යැයි මන්ත්‍රීවරුන් පිරිසක් ඉල්ලා ඇත.
මේ අතර තවත් පිරිසක් උතුරේ සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි පී. සත්‍යලිංගම් පත්කළ යුතුයැයිද ඉල්ලා තිබේ.
උතුරේ අමාත්‍යවරුන්ගේ දූෂණ වංචා සෙවීම සඳහා පත්කළ විමර්ශන කමිටුව විසින් සත්‍යට පටහැනි කරුණු සහ චෝදනා ඇතුළත් කරමින් වාර්තාව සකසා තිබීම, එම වාර්තාවේ නිර්දේශවලට අනුව අමාත්‍යවරුන් දෙදෙනෙකුට ඉවත් වන්නැයි නියෝග කිරීම සහ චෝදනා සනාථ නොවූ අමාත්‍යවරුන් දෙදෙනෙකුගේද අමාත්‍යධූර මසකට අහෝසි කිරීම යන හේතුන් මත මහ ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංගය බාර දී තිබේ.
අදහස් 1ක් ඇත
dusanaya
නව අදහස දක්වන්න