ICC ය ශ්‍රී ලංකා කණ්ඩායම හලයි | දිනමිණ

ICC ය ශ්‍රී ලංකා කණ්ඩායම හලයි

ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී දස්කම් දැක්වූ දක්ෂතම ක‍්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ICC ය විසින් ප‍්‍රකාශයට පත් කර තිබේ.

එම කණ්ඩායමේ නායකත්වය පාකිස්තානයේ සෆ්රාස් අහමඞ්ට හිමිව ඇති අතර සාකාර් සාමාන්, ජුනයිඩ් ඛාන් සහ හසන් අලි යන පාකිස්ථාන ක‍්‍රිඩකයින් ද සංචිතයන්ට ඇතුළත්.

මෙම කණ්ඩායමට කිසිඳු ශ‍්‍රි ලාංකික ක‍්‍රිඩකයෙකු ඇතුළත් නොවීම විශේෂත්වයක්.

තවද ඔස්ටේ‍්‍රලියානු සහ දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩකයන් කිසිවෙකුත් මෙම කණ්ඩායමට ඇතුළත්ව නැහැ.

ඉන්දියාවෙන් නම් කර ඇත්තේ විරාත් කෝලි, ශිකර් දවාන් සහ බුවනේෂවර් කුමාර් පමණයි.

එංගලන්ත ක‍්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත් කොට ඇති මෙම කණ්ඩායමට බංග්ලාදේශයේ තමීම් ඉක්බාල් ද ඇතුළත්ව සිටියි.

මෙවර ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දක්ෂතා අනුව මෙම කණ්ඩායම ICC ය විසින් ප‍්‍රකාශයට පත් කර තිබේ.

 

 

නව අදහස දක්වන්න