මොබිටෙල් CCTV සේවාවෙන් ඔබේ නිවසේ අධීක්ෂණ පහසුව | දිනමිණ

මොබිටෙල් CCTV සේවාවෙන් ඔබේ නිවසේ අධීක්ෂණ පහසුව

ජාතියේ ජංගම දුරකථන ජාලය වන මොබිටෙල් වෙතින් දැන් තම පාරිභෝගිකයන් සඳහා තමා සිටින ස්ථානයේ සිට තම නිවස, කාර්යාලය හෝ සේවා ස්ථාන අධීක්ෂණය කිරීමේ සේවාව, ක්‍රෙඩිට් කාඩ්පත් මඟින් වසරක් තුළ පහසුගෙවීමේ ක්‍රමයන්ගෙන් මිලදී ගැනීමේ හැකියාව උදාකර දී ඇති අතර වසර 3ක වගකීමද ලබාදෙයි.

නිරතුරුවම එහි සේවාවන් පුළුල් කිරීමට මොබිටෙල් බලාපොරොත්තු වන අතර CCTV (Surveillance) සේවාව මඟින් තම පාරිභෝගිකයන්ට ආරක්ෂාව සහ අනතුරු වැළැක්වීම්ද සිදු කරදෙනු ඇත.

දැන් දැන් තම ආරක්ෂාව පිළිබඳ සිතන හා ඒ වෙනුවෙන් කටයුතු කරන පාරිභෝගිකයන් හට CCTV සේවාව දැනට දේශීය වෙළෙඳපොළ තුළ ක්ෂණිකව වර්ධනය වේ.

එමගින් තමන් නැති අතරතුර තම ආදරණීයයන්ගේ මෙන්ම තම නිවසේ කාර්යාලයේ, ව්‍යාපාරයේ ආරක්ෂාවට රුකුලක් ලබා දී ඇත. මෙසේ තමන් රටෙන් බැහැර ලෝකයේ කොහේ සිටියත් තම ආදරණීයයන් සහ ව්‍යාපාරයේ රූපරාමු තම ඇඟිලි තුඩක දුරින් තබාගෙන ගමන් කිරීමෙන් තමාගේ සිතේ සැනසිල්ල උදාවන අතර තමාගේ වටිනාම ස්ථානයන් හා පුද්ගලයන්ට කිසිදු අනතුරක් නැති බවට ස්මාර්ට් ෆෝන් එකෙන් දැකබලා ගැනීමෙන් තහවුරු කරගැනීමේ හැකියාවක් උදාවෙයි. 

 

නව අදහස දක්වන්න