ශ්‍රී ලංකා ටෙලිකොම් Pre-5G LTE Advanced Pro තාක්ෂණය සාර්ථක අත්හදා බලයි | දිනමිණ

ශ්‍රී ලංකා ටෙලිකොම් Pre-5G LTE Advanced Pro තාක්ෂණය සාර්ථක අත්හදා බලයි

ශ්‍රී ලංකාවේ අංක එකේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විසඳුම් සපයන්නා සහ ජාතික සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් National Backbone Network (NBN) ජාල ව්‍යාපෘතියේ වූ බලපත්‍රලාභී ආයතනය වන ශ්‍රී ලංකා ටෙලිකොම් Huawei Technologies සමඟ එකතුව, මීළඟ පරම්පරාවේ බ්‍රෝඩ්බෑන්ඩ් තාක්ෂණය භාවිතයට ගැනීම සඳහා වන පසුබිම සකස් කරමින් දකුණු ආසියාවේ ප්‍රථම වරට Pre-5G LTE Advanced Pro තාක්ෂණ ක්‍රමවේදය අත්හදා බැලීමක් සාර්ථකව සිදුකරන ලදී.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය එහි නවීන තාක්ෂණික යටිතලය අඛණ්ඩව වර්ධනය කරමින් FTTH (Fiber – to – the –home) සහ ස්ථාවර TD – LTE (Time – Division Long – term Evolution) ක්‍රමවේදයන් එක් අතකින් සපුරාලන අතරවාරයේ, Akaza Cloud IPTV (Intermet protocol television) සහ OTT (Over – the – top contentent) ආදී තාක්ෂණික ක්‍රමවේදයන් ක්‍රියාවට නංවමින් සිටියි.

මෙම තාක්ෂණික ජයග්‍රහණ මතින් සිය අදහස් දක්වන SLT හී සමූහ ප්‍රධාන විධායක නිලධාරී දිලීප විජේසුන්දර මහතා ක්ෂේත්‍රයේ සියලු අංශ ආවරණය වන ලෙසින් සහ වඩාත් ඉක්මනින් එහි සියලු නවීන තාක්ෂණයන් ග්‍රහණය කරගැනීම සඳහා අවස්ථාව හිමිවන සේ අපි අපේ ව්‍යාපාරය නිරතුරුවම වෙනසට ලක්කිරීමේ අපේක්ෂාවෙනුයි සිටින්නේ.

සමාජයේ සියලු අංශ වෙත තාක්ෂණයේ නවතාවයන් තවදුරටත් අත්විඳිය හැකිවන සේ සහ එයින් ඔවුන්ව තවදුරටත් ඔසවා තැබෙන සේ සන්නිවේදන ක්ෂේත්‍රය මනාව අධ්‍යයනය කරමින් වඩාත් නම්‍යශීලීව සහ සෑම අතින්ම ක්‍රියාත්මක වෙමින් අනාගතය උදෙසා සියලු තාක්ෂණික අංශයන්ගෙන් සන්නද්ධ ආයතනයක් ලෙසින් SLT අභියෝගාත්මක කාර්යයක යෙදෙනවා’ යැයි පවසයි. 

නව අදහස දක්වන්න