සෙලින්කෝ ලයිෆ් ඔප්පුහිමියන්ට ඩුබායි සංචාරයක් | දිනමිණ

සෙලින්කෝ ලයිෆ් ඔප්පුහිමියන්ට ඩුබායි සංචාරයක්

මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ 10 වන ෆැමිලි සවාරි ප්‍රවර්ධන වැඩසටහනේ දෙවන අදියර යටතේ රක්ෂණ ඔප්පුහිමියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් කණ්ඩායමකට සතුට විනෝදය සපිරි දින හතරක ඩුබායි සංචාරයක් යෑමේ අවස්ථාව පසුගියදා උදාකර දෙන ලදී.

මෙම කණ්ඩායමට රක්ෂණ ඔප්පුහිමියන් 10 දෙනෙකුගේ පවුල්වල සාමාජිකයින් 40 දෙනෙකු එක්වී සිටි අතර සංචාරයේ සියලුම වියදම් සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් දැරීය. මෙහිදී, ඩුබායි හි, සංචාරක ආකර්ෂණය නොමඳව දිනාගත් Desert Safari, Dhow cruise සහ palm jumeirah, Burj al Arab, Zabeel palace, Gold Souk, Al Fahidi Fort මෙන්ම ඩුබායි කෞතුකාගාරය නැරඹීමට යෑමේ අවස්ථාව මොවුන්ට හිමිවූ අතර දිනක් පුරා සාප්පු සවාරි අත්දැකීමද ලබාදෙන ලදී.

ඩුබායි හි ප්‍රමුඛ තරු හතර පන්තියේ හෝටලයක මෙම කණ්ඩායමට නවාතැන් ගැනීමේ අවස්ථාව හිමි වූ අතර මෙම සංචාරයට ෆැමිලි සවාරි වැඩසටහනේ සන්නාම තානාපතිවරුන් වන ජනප්‍රිය නළු රොෂාන් රණවන මහතා සහ ඔහුගේ බිරිඳ කුෂ්ලානිද එක්විය. 

නව අදහස දක්වන්න