විකුණුම් ගැණුම් හමුවේදී කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් තවත් පහසුකම් | දිනමිණ

විකුණුම් ගැණුම් හමුවේදී කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් තවත් පහසුකම්

ශ්‍රි ලංකා ආර්ථිකයට මහත් බලපෑමක් කළ හැකි ක්ෂේත්‍රයක් වන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නගාසිටුවීමේ ප්‍රමුඛතම ක්‍රියාවලියක තවත් එක් පියවරක් පසුගියදා මහනුවර ක්වීන්ස් හෝටලයේදී කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් ගන්නා ලදී.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් 125කට අධික ප්‍රමාණයක් සහභාගීත්වයෙන් පැවති මෙම දේශිය නිෂ්පාදන විදේශිය වෙළෙද පොළට හදුන්වාදීමේ අරමුණ ඇතිව ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් හමුවීමක් ලෙස සංවිධානය කරන ලදී. එම වැඩසටහන සඳහා දිවයිනේ උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළු දිස්ත්‍රික්ක 16ක කර්මාන්තකරුවන් 125කට අධික ප්‍රමාණයක් හා අපනයන ක්ෂේත්‍රයේ ගැනුම්කරුවෝ 20කට අධික පිරිසක් සහභාගි වූහ.

මෙහි ප්‍රධාන අරමුණ ලෙස මහනුවර ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර මහ කොමසාරිස් රාධා වෙන්කතරාමන් මහත්මිය සහභාගි වෙමින් ලාංකිය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්කරුවන් නගා සිටුවීම සදහා අවශ්‍ය වන තාක්ෂණය,වෙළද පොළ සකසා දීම හා ඉන්දියානු වෙළඳ ප්‍රදර්ශන සදහා යොමු කිරීම මෙන්ම කර්මාන්තකරුවන්ගේ දැනුම යාවත්කාලීන කිරීම සදහා වන පුහුණු වැඩසටහන් වෙත යොමු කිරීමට ඉන්දියානු රජය මැදිහත්වීමලබා දෙන බවට ප්‍රකාශ කරන ලදී.

පැමිණි කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන වල ගුණාත්මකභාවය, ඇසුරුම් දියුණු කිරීම, භාණ්ඩ සංවර්ධනය .තාක්ෂණික නිර්නායකයන් සපුරා ගැනීමට සහය වීම,ප්‍ රමිතිකරණය හා මුල්‍ය සහය මෙන්ම විදේශිය වෙළඳ පොළ හඳුන්වාදීම යන අංශයන් කෙරෙහි අවධානය යොමු කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය, ජාතික අපනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය, කාර්මික තාක්ෂණික ආයතනය, ලංකා ප්‍රමිති ආයතනය හා ලංකා බැංකුව යන ආයතනයන්හි නිලධාරින් සිය දායකත්වය ලබා දෙන ලදී.

නව අදහස දක්වන්න