ඉසිපතනය සිවුවැනි වරටත් පිට පිට අවසන් මහා තරගයට | දිනමිණ

ඉසිපතනය සිවුවැනි වරටත් පිට පිට අවසන් මහා තරගයට

 සාන්ත පීතර විදුහල් පිලට එරෙහිව අවසන් මොහොතේ චමෝද් ප්‍රනාන්දු එල්ල කළ දඬුවම් පහරෙන් ලකුණු 22-20ක තියුණු ජයක් වාර්තා කළ ඉසිපතන විදුහල් පිල පිට පිට සිවුවැනි වරටත් ජනාධිපති කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රගර් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත්විය.

සුගතදාස ක්‍රීඩාංගණයේ පෙරේදා පස්වරුවේ දෙපිල අතර පැවැති අවසන් පූර්ව තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 19-12කින් පෙරමුණ ගැනීමට ඉසිපතන විදුහල සමත්වූවත් දෙවැනි භාගයේදී ඉසිපතන විදුහලට දැඩි අභියෝගයක් එල්ල කළ සාන්ත පීතර විදුහල් පිල 20-19කින් පෙරමුණ ගැනීමට සමත්ව සිටියේය.

ජයග්‍රාහී ඉසිපතන විදුහල් පිල ගෝල් 2ක්, උත්සාහක දිනුමක් සහ දඩුවම් පහරක් එල්ල කිරීමට සමත්වූ අතර සාන්ත පීතර විදුහල් පිල ගෝලයක්, උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහරක් රැස් කළේය.

ඉසිපතන විදුහල් පිල සහ සාන්ත ජෝශප් විදුහල් පිල අතර අවසන් මහා තරගය ලබන 24 වැනිදා පැවැත්වෙයි.

ෆවුස් මොහොමඩ්
ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ


නව අදහස දක්වන්න

Or log in with...