චැම්පියන්ස් කුසලානයට පාකිස්තානය සුදුසුයි ඔවුන්ටත් ජයග්‍රහණ අවශ්‍යයි | දිනමිණ

චැම්පියන්ස් කුසලානයට පාකිස්තානය සුදුසුයි ඔවුන්ටත් ජයග්‍රහණ අවශ්‍යයි

 චැම්පියන්ස් කුසලානය දිනා ගැනීමට පාකිස්තානය සුදුසුව සිටි බවත් ඔවුන්ටත් ජයග්‍රහණ අවශ්‍ය බවත් ඉන්දියා නායක විරාට් කෝලි ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේදී පෙරේදා ලැබූ පරාජයෙන් පසුව කියා සිටියේය.

“තරගයකදී ඔබේ වැඩේ හරියට කළ යුතුයි. එවිට ඔබට සතුටු විය හැකියි. එතැනින් එහාට අපට පාලනය කරන්න බැරි දේවල් තියෙනවා. අපි අපේ උපරිමයෙන් ක්‍රීඩා කළා. නමුත් පාකිස්තානය අපට වඩා හොඳින් ක්‍රීඩා කළා. අපි ප්‍රතිවාදීන්ව අගය කළ යුතුයි.”

“මම පාකිස්තානයට සුභ පතනවා. ඔවුන්ට තිබුනේ විස්මිත තරගාවලියකි. ඔවුන්, ඔවුන්ගේ ක්‍රීඩාව ආපසු හැරවූ ආකාරයෙන් ඔවුන් සතුව තිබෙන දක්ෂතා ප්‍රදර්ශනය කර තිබෙනවා. තමන්ගේ දිනයේදී ඕනෑම කණ්ඩායමක් පරාජය කරන්න පුළුවන් බව පාකිස්තානය නැවත වතාවක් තහවුරු කර තියෙනවා. පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද පාකිස්තානය ආක්‍රමණශීලී වුනා.”

“අපි ක්‍රිකට් තරගයකින් පැරදුනා විතරයි. අපේ වැරදිවලින් ඉගෙන ගෙන අපි ඉදිරියට යා යුතුයි!” කෝලි ප්‍රකාශ කළේය.

නව අදහස දක්වන්න