නැටවෙයි සද්දෙට තාලං - මේව තමයි මළ කෝලං

 අම්බලන්ගොඩ පාරම්පරික කෝලම් නාට්‍ය ශිල්පීන් වන බන්දු විජේසූරිය කලායතනය මගින් පසුගියදා රැය පහන් වන තුරු ඔවුන් විසින් මේ දක්වා නිර්මාණය කර එළි දක්වන ලද සියලු කෝලම් නැටුම් එකතුවක් නොමිලේ ප්‍රදර්ශනය කරන ලදී. මෙම අවස්ථාව නැරඹීම සඳහා ලංකාවේ නන් දෙසින් ප්‍රේක්ෂකයන් සහ මේ පිළිබඳ උනන්දුවක් දක්වන කලාකරුවන් රැය පහන් වන තුරු අඩුවකින් තොරව මෙම කෝලං නැටුම් නැරඹීම විශේෂත්වයක් විය.

විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, සිසු සිසුවියන්, දෙස් විදෙස් සංචාරකයන්, පාසැල් සිසුන් ඇතුළු අති විශාල පිරිසක් මෙම කෝලං නැටුම් පැලීමට පැමිණ සිටියහ. කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලාවේදී, ගා/ පී ද එස් කුලරත්න විද්‍යාලයේ ආචාරිණී මනෝෂිකා විජේසූරිය සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලලිත කලාවේදී, පුජාපතී බාලිකා විද්‍යාලයේ ආචාරිනී චමිලා ප්‍රභාෂ්වරී යන දක්ෂ ශිල්පිනියන් දෙදෙනාගේ හැකියාවන් මේ කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා ඉවහල් විය.

ඡායාරූප - ගාල්ල දිස්ත්‍රික් සංචාරක ධර්මදාස සිරිවර්ධන 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...