ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයකු ඇතුළු 14කට දැඩි විනය ක්‍රියා

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨම සාමාජිකයකු ඇතුළු 14 දෙනකු පමණ පිරිසක් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇතැයි වාර්තාවේ.

පක්ෂ නායකත්වය විවේචනය කිරීම,වෙනත් පක්ෂ පිහිටුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් ඒ තුළට ඇද ගැනීම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දු තීරණවලට එකඟ නොවීම ඇතුළු චෝදනා ගණනාවක් මෙම සාමාජිකයින්ට එල්ල වී ඇත.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ තීන්දු තීරණ කරමින් ඊට පටහැනිව දිගින් දිගටම කටයුතු කරමින් සිටි මේ සාමාජිකයන්ට එවැන් ක්‍රියාවක නිරත නොවන ලෙසට පක්ෂ නායකත්වය මෙන්ම මධ්‍යම කාරක සභාව කරන ලද දැනුම් දීම් සියල්ල ප්‍රතික්ෂේප කරමින් කටයුතු කිරිම නිසා මීළඟ ක්‍රියාමාර්ගය කුමක් විය යුතුද යන්න පිළිබඳ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර මේ අයට එරෙහිව විනය පරික්ෂණයන් සිදු කළ යුතුය යන ස්ථාවරයකට එළඹී ඇත. මේ අනුව පක්ෂ ප්‍රතිපත්තිවලට එරෙහිව කටයුතු කරන සාමාජිකයන්ට එරෙහිව විනය පරික්ෂණ ආරම්භ කරන ලදි.

මේ අය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරික්ෂණ කිහිපයක් මේ වන විට අවසන් අදියරේ පවතින අතර ඉතා කඩිනමින් මේ පිරිස සම්බන්ධයෙන් තීරණ ගැනීමට නියමිත ය.


අදහස් 1ක් ඇත

horu ganna epa

පිටු

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...