ඖෂධවේදී පාඨමාලාව උසස් ඩිප්ලෝමා පාඨමාලා වෙයි | දිනමිණ

ඖෂධවේදී පාඨමාලාව උසස් ඩිප්ලෝමා පාඨමාලා වෙයි

රක්ෂණ ශ්‍රියන්ත
ඖෂධවේදීන්ගේ 60 වසරක ඉතිහාසය තුළ ඖෂධවේදී වෘත්තීය අධ්‍යාපනය ඉහළ නැංවීම වෙනුවෙන් කටයුතු කළ විශ්වවිද්‍යාලවල ඖෂධවේදී දෙපාර්තමේන්තු වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්මාන පිරිනැමු අයුරු.

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පවත්වාගෙන යනු ලබන ඖෂධවේදී ඩිප්ලෝමා පාඨමාලාව උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් ලෙස පිළිගැනීමට රජය තීරණය කර ඇත.‍

රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ 60 වන සංවත්සර උළෙල මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (19) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැති අවස්ථාවේදී මෙම ඩිප්ලෝමා පාඨමාලාව උසස් ඩිප්ලෝමා පාඨමාලවක් බවට නම් කිරීම සිදුවිය.

ඖෂධවේදීන්ගේ 60 වසරක ඉතිහාසය තුළ ඖෂධවේදී වෘත්තිය අධ්‍යාපනය ඉහළ නැංවීම වෙනුවෙන් කටයුතු කළ විශ්ව විද්‍යාලවල ඖෂධවේදී දෙපාර්තමේන්තු වෙත සම්මාන පිරිනැමීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.

රජයේ ඖෂධවේදින්ගේ සංගමය සාමාජිකයින් 1500 කින් යුත් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සුවිශේෂි කාර්යයක් ඉටු කරන වෘත්තීය එකමුතුවකි.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෙද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා, ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. 

නව අදහස දක්වන්න