දුම්රිය රියැදුරු-නියාමක වර්ජනය අද මැදියම් රෑ සිට | දිනමිණ

දුම්රිය රියැදුරු-නියාමක වර්ජනය අද මැදියම් රෑ සිට

ශීලා උඩුවර

ඉල්ලීම් කිහිපයන් මුල්කරගනිමින් දුම්රිය රියැදුරන් හා නියාමකයන් අද ( 20 ) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වර්ජනයක යෙදෙන බව ලොකොමොටිව් ඔපරේටින්ඉංජිනියර් යුනියන් හි ප්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසිය. මේ වර්ජනයට දුම්රිය නියාමකයන්ගේ සංගමයද එක්වන බව ලේකම්වරයා කිය. රියැදුරු සහායකයන් බඳවා ගැනීමේ පරිපාටි යට දුම්රිය ආරක්ෂක නීතිවලට අනුකුල නොවන කරුණු ඇතුළත් කර තිබිම, රියැදුරු විශේෂ ශ්‍රේණියේ උසස්විම් වසර 17 ක් පුරා ලබානොදීම, රියැදුරු ශ්‍රේණියේ වැටුප් විෂමතා නිවැරදි නොකිරීම, සහකාර ප්‍රවාහන අධිකාරි ( යාන්ත්‍රික )බලශක්ති සංරක්ෂණ හා දිස්ත්‍රික් බඳවා ගැනීම් නොකිරිම, හා 2017 රියැදුරු නව පත්විම් ලිපිවල විශ්‍රාම වැට්ප් කොන්දේසි නොවිම මෙම වර්ජනය කිරිමට හේතුවන බව

දොඩංගොඩංගොඩ මහතා පැවසිය.

මේ පිළිබඳ අවස්ථා ගණනාවක් ඉල්ලිම් කර ඇතත් බලධාරින්ගේ අවධානය මෙයට යොමු නොවු බවත් එම නිසා වර්ජනය සිදුකරන බවත්, වර්ජනය නිසා දුම්රිය සේවය මුළුමණින්ම අඩාල වන බවත්, ඒ මහතා සඳහන් කළේය.

මේ පිළිබඳ කිසිදු බලධාරියෙක් මෙතෙක් සාකච්ඡාවකට යොමුවුනේ නැති බවද, එම නිසා තීරණය කරගත් පරිදි වර්ජනය කරන බවද ඒ මහතා කිය.

නියාමකවරුන්ට බලපාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් තම සංගමයද මෙම වර්ජනයට එක්වන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජානක ප්‍රනාන්දු මහතා පැවසිය. 

නව අදහස දක්වන්න