රට නංවන දිගු කල් වැඩපිළිවෙළකට නව බදු ක්‍රමයක්

සන්ධ්‍යා කරුණාරත්න

නව බදු පනතක් හඳුන්වාදෙමින් බදු ප්‍රතිපත්තිය ස්ථාවර කර රට සංවර්ධනය කිරීමේ දිගු කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

ඉදිරි මාස දෙක ඇතුළත නව බදු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එහිදී එය විවාදයට ලක් කර විවිධ පාර්ශ්වවලින් ඉදිරි පත් වන යෝජනා ද සැලකිල්ලට ගෙන අලුත් බදු පනත ස්ථාපිත කරන බවත් ඇමැතිවරයා පැවැසුවේය.

සිරිකොත පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ඊයේ (19) ප්‍රකාශ කළේය.

නව බදු පනත ගෙන ඒමත් සමඟ බදු ප්‍රතිපත්තියට ඇඟිලි ගැසීමට ඇමැතිවරයාට සහ නිලධාරින්ට තිබෙන ඉඩකඩ ඇහිරෙන බවත් බදු සම්බන්ධයෙන් සරල හා ස්ථිර බවක් නව පනතෙන් ඇති කරන බවත් ඇමැතිවරයා කීය.

නව බදු පනත ක්‍රියාත්මක කිරීමෙන් ව්‍යාපාරිකයින්ට තම ව්‍යාපාරයන් සම්බන්ධයෙන් ස්ථාවර තීරණ ගැනීමට හැකියාවක් ලැබෙන්නේ යැයි ද බදු ප්‍රතිපත්තිය අස්ථාවර වන විට ව්‍යවසායකයින්ට තීරණ ගැනීමට අපහසු වන්නේ යැයි ද ඇමැතිවරයා අවධාරණය කළේය.


අදහස් 1ක් ඇත

1. Tax every one, including laborers, waiters etc. 2. Give tax reductions to rich and businesses so more development work is done (in the US, rich and business corporations were granted 20percent tax reductions). All must pau taxes, 3. introduce two taxes, one state tax for the country and the other provincial tax.

පිටු

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...