මගී අවශ්‍යතා සපුරන්න දුම්රිය ධාවනයේ | දිනමිණ

මගී අවශ්‍යතා සපුරන්න දුම්රිය ධාවනයේ

ශීලා උඩුවර

දුම්රිය රියැදුරන් හා නියාමකවරුන් දුම්රිය වර්ජනයක යෙදුනද වර්ජනයට සහභාගි නොවන වෘත්තීය සමිති රියැදුරන් හා නියාමකයන් මගින් මගී අවශ්‍යතාවයට සරිලන අයුරින් දුම්රිය ධාවනය කිරීමට කටයුතු කරන බව දුම්රිය ගමනා ගමන අධිකාරි විජය සමරසිංහ මහතා පැවසීය.

එසේම දුම්රිය වර්ජනය පැවතියහොත් එය නිමවන තෙක් මගී ජනතතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබාදිමට ශ්‍රී ලංගම හා පුද්ගලික බස් සේවා සූදානමින් සිටින බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය හා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව වර්ජනය පවතින කාලය තුළ කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්ළේ සිට හා ප්‍රාදේශීය කාරයාල මගින් ශ්‍රී ලංගම අමතර බස්රථ ධාවනයට යොදවන බව ලංගම ප්‍රධාන මෙහෙයුම් අධිකාරි පී.එච්.ආර්.ටි. චන්ද්‍රසිරි මහතා පැවසීය. මේ සඳහා ලංගම සියලුම ප්‍රාදේශීය කළමණාකරුවන් දැනුවත් කර ඇති අතර සේවක නිවාඩු කළමණාකරණය කර ඇතැයි ද ඒ මහතා පැවසීය.

එසේම ඉන්ධනතොග පවත්වාගෙන යන ලෙසද දැනුවත් කර තිබේ. මීට අමතරව වර්ජන කාලය තුළ අතිරේක බස්රථ ධවනය කිරිමට සැලසුම්කර ඇතැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති එම්.ඒ.පි. හේමචන්ච්‍ර මහතාද පැවසීය.

ලෙකොමොටිව් ඔපරේටින් ඉංජිනියරින් රියැදුරු සංගමය හා නියාමක සංගමය ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන අද ( 20 ) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක යෙදෙන බව ලොකොමොටිව් දුම්රිය එන්ජින් රියැදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසීය. අද (20 ) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක යෙදීමට නියමිතය.

නව අදහස දක්වන්න