ආපදා සහන ආධාර ගලයි

ජාත්‍යන්තර කුමන්ත්‍රණ පිළිබඳව කලකින් සද්දයක් බද්දයක් ඇසෙන්නට නැත. එහෙත් ජාත්‍යන්තරය දැන් ශ්‍රී ලංකාව පිළිබඳව සාකච්ඡා කරයි. අදහස් පළ කරයි. ඔවුනට මාතෘකාව වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ගංවතුර හා නාය යෑමයි.

ජාත්‍යන්තර සමුළු සඳහා ශ්‍රී ලංකාවට ඇරියුම් නොකළ අවධියක් ද විය. ජාත්‍යන්තර සමුළුවලට ශ්‍රී ලංකා නියෝජිතයන් සහභාගි වනවිට ඔවුනට විරෝධතා එල්ල වූ යුගයක් විය. එපමණක් ද නොව එතෙර සමුළු සඳහා ගිය ශ්‍රී ලංකා නියෝජිතයන් රැඳී සිටි හෝටල් ඉදිරියේ මෙන්ම ගුවන් තොටුපළ ඉදිරියේ වි‍රෝධතා පෑ අවධියක් ද විය.

ජාත්‍යන්තර හිතහොඳ යළි දිනාගෙන ශ්‍රී ලංකා ආර්ථිකය සවිමත් කිරීම සඳහා ජාත්‍යන්තරය හවුල් කරගැනීමේ විදේශ පිළිවෙතක් අනුගමනය කිරීම නිසා යුරෝපා සංගමයේ මත්ස්‍ය තහනම අවලංගු කර ගැනීමත්, ජී. එස්. පී. සහනය ලිහිල් කර ගැනීමත් ආර්ථික සංවර්ධනයට හේතු වන බව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ.

වි‍දේශ සේවාව ආර්ථික සංවර්ධනය සහ ව්‍යාපාරික දියුණුව සඳහා ඉලක්කගත කිරීම ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන ලද විදේශ ප්‍රතිපත්තියයි. නව විදේශ ඇමැතිවරයා ශ්‍රී ලංකා ව්‍යාපාරික හමුවේදී ගිය සතියේදී ප්‍රකාශ කෙළේ ද දැන් ශ්‍රී ලංකාවට විදේශීය සතුරු රටවල් නැති බවයි. ඔහු ද “වාණිජමය විදේශ සේවය” අගය කෙළේය.

ආරක්ෂක සමුළුව

පසුගියදා සිංගප්පූරුවේදී පවත්වන ලද 2017 අන්තර්ජාතික ආරක්ෂක රැස්වීමේ මාතෘකාවක් වූයේ ද, ශ්‍රී ලංකාවේ ගංවතුරයි. ඍජුවම එය සාකච්ඡාවට ගත් මාතෘකාවක් නොවුව ද, සාකච්ඡාවට පැමිණි විදේශීය නියෝජිතයෝ ශ්‍රී ලංකාවේ ගංවතුර හා නාය යෑම් ගැන අදහස් පළ කිරීමට එම සමුළුව අවස්ථාවක් කර ගත්‍හ.

මලයාසියාවේ ආරක්ෂක ඇමැති හිසමුදින් තුන් හුසේන් කියා සිටියේ ජාත්‍යන්තරය ඒකාබද්ධව ස්වභාවික ආපදාවකදී එකට එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ශ්‍රී ලංකාවේ ජාතික ආපදාවෙන් අවබෝධ වන බවයි.

ජාතින් 11ක නියෝජිතයන් අමතමින් මේ ප්‍රකාශය කළ ඔහු මේ ආපදාවේ දී ශ්‍රී ලංකා හමුදාව ක්‍රියා කළ අන්දම ද ප්‍රශංසාවට ලක් කෙළේය. මෙවැනි මොහොතකදී හමුදාවන්ගේ මැදිහත්වීම වැඩි වැඩියෙන් ප්‍රයෝජනයට ගත යුතු යැයි ද ඔහු කීය.

කැනඩා විදේශ ඇමැති හරිජි සින්ග් සජ්ජාන් කීවේ “ආපදාවනට ගොදුරුවන රටවලට උපකාර කිරීමට කැනඩාව සැදී පැහැදී සිටින බවයි. පාකිස්තාන විදේශ ඇමැති ජනරාල් සුබයිර් මො‍හමඩ් හයාත් ආපදාවෙන් විපතටපත් ජනතාවට උදව් කිරීමට පාකිස්තානු නාවික හමුදාව උපකාර කළ අන්දමත්, ශ්‍රී ලංකාවේ දී කරන ලද මුදාගැනීමේ මෙහෙවර ක්‍රියාන්විතය පිළිබඳවත් කතා කෙළේය.

ශ්‍රී ලංකාවේ ගංවතුර හා නායයෑම පිළිබඳව පසුගිය 13 වනදා ඇමෙරිකානු රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුව ද නිවේදනයක් නිකුත් කෙළේය. එමගින් ශ්‍රී ලංකාවට දක්වන සහාය විස්තර ‍කර ඇත.

ඇමෙරිකානු පැසිපික් බළකායට අයත් U.S.S. KAKE ARIE යුද නෞකාව සහ සහාය යාත්‍රා ගුවන් යානා ආදිය විසින් කරන ලද සේවාවන් පමණක් නොව ඉදිරියටත් කරනු ලබන සුබසාධක කටයුතු ද එහි දැක‍්වේ. එහි නාවික භටයෝ දකුණේ ශ්‍රමදාන සඳහා සහාය වූහ.

ශ්‍රී ලංකාවේ ගංවතුර සහ නායයෑම් සිදුවීමට සමගාමීව මොරා නම් සුළි සුළඟ ද කලාපීය රටවලට ඉමහත් පාඩු සිදු කෙළේය. එම ආපදාවට ද උදව් උපකාර කරන අතරතුරම එක්සත් ජාතින්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට ආධාර උපකාර කිරීමට ඉදිරිපත් විය.

ඉදිරියේදී ශ්‍රී ලංකාවට කිරීමට බලාපො‍රොත්තු තබා ඇති වැඩපිළිවෙළ පිළිබඳ දීර්ඝ විස්තරයක් එක්සත් ජාතින්ගේ සංවිධානය පසුගිය සතියේ 14 වනදා ප්‍රකාශයට පත් කළේය.

එක්සත් ජාතින් පවසන අන්දමට පුද්ගලයෝ 6,30,000ක් මේ ආපදාවට ලක්ව සිටිති. දිස්ත්‍රික්ක 25න් 15ක් අනතුරට ලක්වීම නිසා, ඒවායේ නිවාස, පාසල්, වෛද්‍ය මධ්‍යස්ථාන, පාරවල් සහ ජල සැපයුම් පිළිසකර කළ යුතුව තිබේ. ගංවතුර අඩුව යෑමත් සමඟම දැන් ගමනාගමන අපහසුතා අඩුවෙමින් පවතී.

පුනරුත්ථාපනය

හදිසි වාසස්ථාන, සෞඛ්‍ය පහසුකම්, යටිතළ පහසුකම් නංවාලීම් සහ ජලාශ්‍රිත රෝගවලින් ජනතාව ආරක්ෂාකර ගැනීම් ඉටු කළ යුතුය. එක්සත් ජාතින්ගේ සංවිධානය සෙසු කණ්ඩායම් සමඟ කරන ලද අධ්‍යයනය අනුව ඇමෙරිකානු ඩොලර් දස ලක්ෂ 22ක් පුනරුත්ථාපන සැලැස්ම සඳහා අවශ්‍ය වේ. ගාල්ල, රත්නපුර, කළුතර සහ මාතර යන වඩාත් හානියට පත් දිස්ත්‍රික්කයන්හි විපතටපත් 3,74000ක් ජනයාට ක්ෂණික ආධාර උපකාර සැලසිය යුතුව ඇතැයි එක්සත් ජාතින්ගේ සංවිධානය කියයි.

එක්සත් ජාතින්ගේ මෙරට නියෝජිත යුනා මැකෝලි පවසන අන්දමට ජාත්‍යන්තරයේ සහාය ඇතිව සිය සහන කටයුතු නොකඩවා ඉදිරියට ගෙන යනු ඇත. ආහාර සහනාධාර, ආරක්ෂිත වාසස්ථාන, වෙනත් අත්‍යවශ්‍ය දෑ සඳහා එක්සත් ජාතින්ගේ OCHA ප්‍රතිපාදන යටතේ දැනටම ඇමෙරිකානු ඩොලර් දසලක්ෂ 4ක් වෙන්කර තිබේ.

විපතට පත් ජනතාවට මූල්‍යමය ආධාර දීමට ද එක්සත් ජාතින්ගේ අවධානය යොමුව ඇත. නියඟය නිසා වගා හානි සිදුවීමෙන් අසරණ වූ ජනතාව ගංවතුර හා නාය යෑමට ගොදුරුවීම නිසා ඔවුන් තවත් අමාරුවේ වැටී සිටින නිසා තම සහනාධාර කටයුතු සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ආධාර ලබාගැනීම කඩිනම් කිරීමට පියවර ගන්නා බව ද එක්සත් ජාතින්ගේ සංවිධානයේ නිවේදනය කියයි.

සම්පත් සොයා ගැනීම

යුරෝපා සංගමයට අයත් සියලු රටවල් නියෝජනය වන පරිදි යූරෝ 300,000ක ආධාර ශ්‍රී ලංකාවට ලබා දීමට එම රාජ්‍ය හවුල ද ක්‍රියා කෙළේය.

තාවකාලික වාසස්ථාන, සනීපාරක්ෂක කටයුතු කෙරෙහි සිය සැලකිල්ල යොමු කරන බව ද යුරෝපා සංගමය කියයි.

ශ්‍රී ලංකාවේ වත්මන් ආපදා තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය සම්පත් සපයා ගැනීම සඳහා ජාත්‍යන්තර ආධාර සමුළුවක් කැඳවීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිය අභිලාෂය ප්‍රකාශ කර තිබේ.

මේ සමුළුව සඳහා අවශ්‍ය කටයුතු සැකසීමට ත්‍රිපුද්ගල ඇමැති කමිටුවක් ද පත්කර තිබේ. මූල්‍ය හා තාක්ෂණික උපදෙස් ලබාගෙන කළුගඟ සහ නිල්වලා ගඟ දෙපස ජනතාව ගංවතුර උවදුරෙන් ආරක්ෂාකර ගැනීමට ද මෙමගින් අදහස් කරයි. ශ්‍රී ලංකාවේ දී හෝ විදේශයකදී හෝ යෝජිත සමුළුව පැවැත්වීමට ද නියමිතය.

විදේශීය ආධාර සියල්ල එකම බැංකු ගිණුමකට යොමුකර ගංවතුර අනාථයන් සඳහා නිවාස ඉදිකිරීමට එම සම්පත් යොමුකරන බව ජනාධිපතිවරයා පැහැදිලිවම ප්‍රකාශ කර තිබේ. නිවාස අහිමි වූ ජනතාව දැනට තාවකාලික කඳවුරුවල සිටින අතර තවත් සංඛ්‍යාවක් නැදෑ නිවාසයන්හි ද ලැඟුම් ගෙන සිටිති.

ලෝක ආහාර සැලැස්ම

පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද මේ පිළිබඳව සාකච්ඡා විය. ඒ අනුව නිවාස අහිමි පවුලකට මසකට රුපියල් 7500 බැගින් වන ගෙවල් කුලී දීමනාවක් ජූනි, ජූලි සහ අගෝස්තු යන මාස වෙනුවෙන් ගෙවීමට ද තීරණය විය. මේ යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ ආපදා කළමනාකරණ ඇමැතිවරයා විසිනි. 2003 ගංවතුරට හසුවීමෙන් නිවාස 10,000 කට පමණ අලාභ හානි වාර්තා විය. මෙවර සංඛ්‍යාව ඊට වඩා වැඩිය.

ජූනි 14 වනදා වනවිට පවුල් 7046 කට අයත් පුද්ගලයෝ 24982ක් ආරක්ෂිත ස්ථාන 226ක රැඳී සිටියහ. එසේම සම්පූර්ණයෙන් හානියට පත්වූ නිවාස සංඛ්‍යාව 2313කි. අඩක් විනාශයට පත්වූ නිවාස සංඛ්‍යාව 12,529කි.

මේ අනාථව සිටින පිරිස් සඳහා ආධාර කිරීමට ලෝක ආහාර සැලැස්ම ද ඉදිරිපත්ව සිටී. රටවල් 80ක සහන කටයුතු සඳහා ආධාර සපයා ඇති එම සංවිධානයට මාස්ටර් කාඩ් ආයතනය ද උපකාර කරයි.

මාස්ටර් කාඩ් ආයතනයේ ආධාර මුදල් යොදවා ශ්‍රී ලංකාවේ ගංවතුර අනාථයන් සඳහා පරිප්පු මෙට්‍රික් ටොන් 22.5ක් ‍ෙබදාදීමට ලෝක ආහාර සංවිධානය ක්‍රියා කරයි. මීට අමතරව පසුගිය නියඟ නිසා අසරණවූ 25,000ක් සඳහා ද අවශ්‍ය ආධාර කිරීමට එම සංවිධානය කටයුතු කරයි.

අන්තර් ජාතිකව සහන සලසන IOM සංවිධානය 1951 අරඹන ලදුව මේ වනවිට දැවැන්ත සමාජ සත්කාරයක යෙදෙන ආයතනයකි. එක්සත් ජාතින් සමඟ ද එය එක්වී කටයුතු කරයි.

වාසස්ථාන ගැටලුව

ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව එම සංවිධානය මැයි 30 – 31 දෙදින මූලික කරුණු හැදෑරීමක නිරත විය. එහිදී මාතර, කළුතර, රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්කයන්හි තත්ත්වය සැලකිල්ලට ගන්නා ලදී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ ද සහයෝගයෙන් කටයුතු කරමින් ඔවුහු ශ්‍රී ලංකාවේ සහන කටයුතුවල නිරත වූහ.

ආහාර නොවන උපකාර හා ආධාර ලබාදෙමින් ගංවතුර අනාථයනට පිහිටවන එම ආයතනය ඔවුනගේ වාසස්ථාන පිළිබඳ ගැටලුවලට විවිධ අයුරින් පිහිට වෙයි. ඇමෙරිකානු ඩොලර් දසලක්ෂ 3.5ක් වටිනාකම් සහිත ව්‍යාපෘතිවල ඔවුහු නිරත වෙති. සම්පූර්ණ ව්‍යාපෘතින් සඳහා තවත් ඩොලර් දසලක්ෂ 1.7ක් එමගින් වැයකිරීමට නියමිතය.

නායයෑම් හා ගංවතුර ආපදා සහන සඳහා එතෙර සිට ආධාර කරන්නන් වෙනුවෙන්ම සම්පත් බැංකුවේ ගිණුම් 06ක් අරඹා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු‍ව කියයි. එක ගිණුමක් රුපියල් සඳහා ද සෙසු ගිණුම් ඇමෙරිකා ඩොලර්, ඔස්ට්‍රේලියා ඩොලර්, ජපාන යෙන්, යූරෝ සහ එක්සත් රාජධානි පවුම් යන මුදල් ඒකක සඳහා ද විවෘතව පවතී. a

කරුණාරත්න අමරතුංග

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...