පුංචි ඡන්දය කඩිනමින් පවත්වන්න තීරණය කළා | දිනමිණ

පුංචි ඡන්දය කඩිනමින් පවත්වන්න තීරණය කළා

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
චමීර ඇල්ලදෙණිය

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා ප්‍රමුඛ ප්‍රධාන පක්ෂ දෙක පෙරේදා (19) රාත්‍රියේ පැවැති සාකච්ඡාවේදි තීරණය කළ බව සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවැසීය. පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාව රජයට ද ඇති බව කී සභානායකවරයා පැවැති කොට්ඨාස 8000 කොට්ඨාස 4500ට අඩුකළ බවත් පැවැසීය.

ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:- ජනාධිපතිවරයා, අගමැතිවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, අපගේ පක්ෂය පසුගියදා රාත්‍රියේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූවා.

එහිදි පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන්නට තීරණය කළා. ඒ විතරක් නෙවෙයි. කොට්ඨාස 8000සිට4500ක් දක්වා අඩුකිරීමටත් තීරණය කර තිබෙනවා. 

නව අදහස දක්වන්න